Sunday, April 5, 2020

තමන්ගෙ පාඩම් කොටස් දරුවන්ට ලබා දෙන්නෙ කොහොමද


අපේ ගුරුවරු සෙට් එකට මේ ටිකෙ තියන ගැටලුවක් තමා තමන්ගෙ පාඩම් කොටස් දරුවන්ට ලබා දෙන්නෙ කොහොමද, ලමයි ටික එක්ක සම්බන්දතාවය අකණ්ඩව තියන් ඔවුන්ගෙ අධ්‍යාපන කටයුතු වලට සහයක් දෙන ආකාරය.

මේකට පොඩි පිලිතුරක් අපි යෝජනා කරනව. දැන්ම පටන් ගත්තොත් තව ඉස්සරහට ලොකු ව්‍යාපෘතියක් ලෙසට මේ වැඩේ කරගෙන යන්න පුලුවන්. අපේ ගොඩක් අය මේ ගැන අහන නිසාමයි මේ ලිපිය ලියන්නෙ.
ඔයා වැඩේ පටන් ගන්න, වීඩියෝ හදන්න, ඒව youtube දාන්න, ළමයිගෙ numbers තියන නිසා watsapp හරි සාමාන්‍ය msg භාවිතා කරල තම්ගෙ portal එකට ළමයිව සම්බන්ද කරගන්න.

1. ඉස්සල්ලම blog එකක් හදාගන්න. ඒකට phone එකට වඩා lap එක හරි Desktop පරිගණකය පාවිච්චි කලානම් හොදයි.



2. ඒකෙන් ඔයාගෙ පලවෙනි පාඩම, ලමයිට යවන ඇගයීම post එකක් විදියට හදන්න. සිංහලෙන් ගහන්න ඕන ටික phone එකෙන් හෙලකුරු දාන් ගහල ඔයාටම mail එකක් දාගන්න. ඒ text එක අරන් රූප එහෙමත් දාල article එක ලස්සනට හදන්න. ඔයාගෙ note ඕනනම් කොලේක ලියල photo එකක් ගහල data cable එකෙන් පරිගනකයට දාල article එකට එකතු කරගන්න.



3. ඊට පස්සෙ article එක post කරන්න. ලෝකෙටම දැන් ඒක පේනව. හැබැයි ලමයි ටික bolg එකේ දාපු post එකේ link එක දැනගන්න ඕන😀



4. Link එක උඩින් copy කරන්න. ඒක යවන්න එපා දිග වැඩි නිසා. Google එකට ගිහින් url soter එකකින් උදවු ගන්න. මෙන්න මේ link එකෙන් යන්නකො,



5. කොට කරගත්ත line එක ළමයිට යවන්න. Watsapp හරි txt msg භාවිතා කරල ඔයාගෙ ලිපිය ප්‍රවර්ධනය කරන්න.

6. මෙහෙම දවස් දෙකෙන් දෙකට පාඩම්, ඇගයීම්, ප්‍රශ්න පත්‍ර යවන්න. වීඩියෝ එකක් උනත් මේ blog post එකට දාන්න පුලුවන්.

7. ළමය link එකට click කලාම එයාගෙ phone එකට කෙලින්ම ඔයාගෙ paper එක download වෙනව, මරු 😁


ඒක මෙහෙමයි හදන්නෙ....
ඔයා ගාව හදපු papers එහෙම තියනවනම් ඒව pdf කරන්න. ඊට පස්සෙ FTP සේවාවක සහය ගන්න 😂, ඉන්න කියල දෙන්නම්...



ඔයාගෙ phone එකේ playstore යන්න. MediaFire කියල ගහන්න. පොඩි app එකක් බාගත වෙයි. පොඩි විස්තර ටිකක් අහයි බය නැතුව දෙන්න. ඔයාගෙ pdf එක ඒකට upload කරන්න. ඒක share කරන option එකඑන් Copy Link දෙන්න. ඒ link එක අර වගේම sort කරන් ලමයට යවන්න.



*නිකම්ම යවන්න එපා, ඒ ලින්ක් එක blog එකේ article එකකට දීල ලස්සනට හදල යවන්න.

8. Blog එක හදද්දි ලස්සනට නිර්මාශීලීව හදන්න. ලමයි කවදාවත් miss කරන එකක් නෑ. හිතට වදින වදන් ටිකකුත් දාල හදන්න. ලමයිට කරන්න පොඩි game එකක්, උත්තර එවපුවම තෑග්ගක්, data card එකක්, රු.50 card එකක් යවන වගේ වැඩසටහනක් දාගත්තනම් පංතියෙ ලමයි මෙනේ එයාලගෙ යාලුවො ටිකත් set වෙයි වැඩේට.



*තෑගි දෙන්නෙ ආපහු පංති පටංගත්තම. 🔥තවත් මෙවැවි ජිල්ගුංඩු point ඕන්නම් නිං බෑ, අපිටත් සලන්න... ඕන තරම්දෙන්නම් 🤐

9. Blog එකෙන් හදන article එක එයාලගෙ phone එකේ ලස්සනට පෙනෙයි. ඔයාගෙ ad එකක් එහෙමත් පොඩියට හදල දාන්න. මොකද මේ වැඩේ ඉස්සහටම නැගලම යනව, sure.

මතක තියාගන්න youtube යන්න ලමයිට මෙවලෙ data නෑ. අනික ඔයාගෙ notes, pdf paper ලමයිට වටීවි. ඕන්නම් ඉතින් ඔයාගෙ හඩින්ම පොඩි voice track එකක් (ළමයි මේ කියන ටික අහගන්න, මේ ටික මගෙ හඩින්ම අහල පාඩම් කරගන්න. මේව තමා වැදගත්ම... 😁)

ඔයාගෙ phone එකෙන්ම record කරන්න. Mp3 එක අර කලින් කියපු MideaFire එකට දාල link එක පාඩමේ මැදට දාන්න.

For a sample >>> https://bit.ly/2x39J3a



10. අන්තිම point එක. ඔයා මේ වැඩේ අදම පටන් ගන්න. ලොකු වැඩක ආරම්භයක් වෙයි. Artwork හදද්දි පොඩිවට හඩවන්න. Download බොත්තම් එහෙම google එකෙන් ගන්න.




Article By : Pavithra Chathuranga COMPUTER Academy ~ 2020

3 comments:

June Resources Set

  මෙම මස Passcode එක : 3478 පැය 06 ක් තුල ඔබ අනිවාර්යයෙන් Submit කළ යුතු පෝරමය (මෙහි ඔබ D-tec සමූහයේ රැදී සිටින ජංගම දුරකතන අංකය නිවර්දිවම ල...