Saturday, September 26, 2020

ඔයාට කරන්න පුලුවන් Online Business

මෙහි කතා කරන සියලුම ක්‍රම අපි ඕන කෙනෙක්ට ප්‍රායෝගිකව කරන්න පුලුවන් ඒව. තමන්ගෙ phone එක උනත් ඇති වැඩේ පටන් ගන්න. හැබැයි ඉස්සෙල්ලම ලොකු වැඩකට යන්න කලින් පොඩි වැඩ ටිකක් කරල හිමින් සැරේ ක්‍රමය අල්ලගත්තතොත් හොදයි. පහල ලින්ක් එකට click කරල video එක අනිවාර්යයෙන් බලන්න. එතකොට හොදටම මේ කියන ක්‍රම පැහැදිලි වෙයි.

Lesson Video Link : https://bit.ly/33X1W3m



විඩියෝ එකේ ඔයාට online කරන්න පුලුවන් business 15 ක් පැහැදිලි කරනව, අපි මේ බ්ලොග් එකෙන් ඉන් 8 ක් කෙටියෙන් පැහැදිලි කරන්නම්.

1. Affiliate Marketing 
මේක හරිම ප්‍රසිද්ද ක්‍රමයක්. තව කෙනෙක්ගෙ භාන්ඩයක් හෝ සේවාවක් අපිට අපේ site එකල හරි, සමාජ මාධ්‍ය භාවිතා කරල market කරන්නයි තියෙන්නෙ. අපිට අතරමැදි / තැරැව්කාර ආදායමක් ලැබැනව. අපේ item එක අනුව අදායම වැඩි කරගන්න පුලුවන්.

2. Blog
Wordpress, Blogger, Blogspot වගේ site එකකින් අපිට නොමිලේ බ්ලොග් එකක් හදාගන්න පුලුවන්. අපි කැමති content එකක් අරමුණු කරන් ලොකෙටම අපේ අදහස්, හැකියාව පෙන්වන්න පුලුවන්. ටිකක් කල් යද්දි අපිට පුලුවන් ඒකට Ad දාගන්න, බ්ලොග් වලින් ලංකාවෙ ගොඩක් අය සල්ලි හොයනව එක එක විදියට.

3. Flippa
අපිට අන්තර්ජාලයෙන් ව්‍යාපාරයක් කරන්න ආසාවක් තියනවනම් මේක හොද ක්‍රමයක්. වෙබ් අඩවියක් හදා ගන්න දන්නෙ නැති කෙනෙක් උනත් flippa වලින් අපිට ඕන site එක නොමිලේම හදාගෙන අපේ store එක විවෘත කරගන්න පුලුවන්. Flippa  විසින් අපිව ලෝකෙටම market කරල දෙනව.

4. Shopify
මේක ebay වගේ එකක්, වෙනස තමා අපි විකුණන භාණ්ඩයේ ad එක මෙයාම ලෝකෙටම promote කරල දෙන එක. කවුරුත් එවිත් බලනකම් ඉන්න නැතුව, හැමෝටම පේන්න එක එක තැන් වල මෙයා ad දාල අපිව උස්සල තියනව. 

5. App Developer
ඔයාට පුලුව ideamart වගේ සේවකින් නොමිලේ app එකක් හදා ගන්න. අධ්‍යාපන, විනෝද, සන්නිවේදන වගේ concept හරහා ඔයාට පුලුවන් app හදලා ඒක market කරන්න. කවුරු හරි app එක Download කරද්දි හරි, පාවිච්චි කරන දින ගානට හරිසල්ලි කැපෙන්න හදන්න පුලුවන්.

6. Youtube
මේක ගැනනම් හැමෝම දන්නවනෙ. ඔයා කැමති content එකක් යටතේ වීඩියෝ කරමින් ලෝකෙටම ඔයාව අරන් යන්න තියන විදිහක්. Subscribe ගාන, watching hours ගාන තෘප්ත කරල ad දාගන්න පුලුවන්. ඊට පස්සෙ නිකම්ම සල්ලි එනව ඔයාට. 



7. Dropshipping
Ebay, Alibaba වගේ online shopping mall වල තියන භාන්ඩ අපි විසින් වෙනම market කරන වැඩක් තමා මේකෙන් වෙන්නෙ. ලොකු quantity එකක්, bid කරල අඩු ගානට අරන් අපේ පිරිසකට අපේ ගානකට විකුනන එක තමා මෙහිදී වෙන්නෙ. ඔයා විකුණන අයිතමය මත, ඒකෙ quantity එක මත ඔයාගෙ ආදායම ඉහල යනව. 

8. Fiverr 
ඔයා මේ ගැනනම් හොදටම ඉගෙන ගන්න ඕන. ඔයාට තියන හැකියාවක් හරහා ඇත්‍තටම කාගෙන් හරි contact එකක් අරන් අදාල දවසට කරල දෙන්නයි තියෙන්නෙ. Graphics, Animation, Word, Excel, Video වගේ දැනුම තියනවනම් ඔයාට පහසුවෙන් ලොකු ලොකු ගනන් හම්බකරන්න පුලුවන් විදියක්. අපි fiverr ගැන වෙනම පාඩමක් ලබන සතියෙ ඉදන් පටන් ගන්නව. 



මේ හැර තවත් ක්‍රම ගැනත් වැඩි දුර ඉගෙන ගන්න අපි මේ දීල ලින්ක් එකට click කරන්න. ඔයාගෙ course එක එක කරන සර්ල හරහා මේව ගැන වැඩි දුර ඉගෙන ගන්න පුලුවන්.






වැදගත්ම දේ ඔයා මේ ගැන උනන්දුවෙලා, හොයල බලල මේවට අතතියන එකයි. Phone එකෙන් වැඩේ පටන් ගන්න පුලුවන්. ඔයාට facebook ගිණුම් කීපයක් තියනවනම්, watsapp / viber ලොකු contact ගණනක් තියනවනම් මේ වැඩේ තවත් ලේසි වෙයි. උත්සහ කරල බලමු. 




article by : Pavithra Chathuranga (Senior lecturer Western, Wayamba D-tec) 

No comments:

Post a Comment

June Resources Set

  මෙම මස Passcode එක : 3478 පැය 06 ක් තුල ඔබ අනිවාර්යයෙන් Submit කළ යුතු පෝරමය (මෙහි ඔබ D-tec සමූහයේ රැදී සිටින ජංගම දුරකතන අංකය නිවර්දිවම ල...