Thursday, October 15, 2020

අඩුම කාලෙකින්, අඩුම පිරිවැයකින් BIT උපාධිය

ලංකාවෙ ඉතා සුලු පිරිසයි කැම්පස් යන්නෙ. ගොඩක් අය ඉබාගාතෙ යනව. තමන්ට හරියන පාර හොය හොය අවුරුදු ගනන් රස්තියාදු වෙනව. ප්‍රතිඵල ආව ගමන් හැමෝම ගොඩක් Course ගැන හොයනව, Register වෙන්න හදනව. එහෙම තමා කොයි අවුරුද්දෙත්, අපි අවුරුදු ගානක් පුරාවට ළමයි දිහා අවධානෙන් බලා ඉන්නව. ඒත් ඒ හොයන දේවල්, හොයපු දේවල් සති දෙකකින්, තුනකින් එහෙමම ඔවුන්ටම අමතක වෙනව. ඔයා එහෙම වෙන්න ඕන් නෑ...


ඔයා මේ පාර උසස් පෙළ ලියනව. මොන අංශයෙන් උසස් පෙල කලත් කමක් නෑ, S3 ක් එනවනම් (ඒ නැතැත් FIT විභාගෙන් උපාධියට යන්න පුලුවන්) ඔයා වෙනුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ BIT බාහිර උපාධිය කරන්න පුලුවන්.



මෙහෙමයි වැඩේ තියෙන්නෙ,


1. පලමු වසර නිම කලොත් Diploma (DIT) එක හම්බෙනව. ඒකෙන් රජයේ, පුද්ගලික අංශයේ රැකියාවකට යන්න පහසුවෙන් පුලුවන්. ඉස්සෙල්ලම ඒ target එක ගහල ඉන්න. ලොකු වියදමුකුත් නෑ. 


(ගොඩක් වෘත්තීයවේදීන් මේ පලමු වසර කරන්නම එනව, තමන්ගෙ කරන රැකියාවෙ උසස්වීමක් බලන්, නැත්නම් වෙනත් රැකියාවක සුදුසුකමක් සපුරගන්න)


2. දෙවන වසර නිම කලාම Higher Diploma එක (HDIT) හම්බෙනව. ඔයා job එකකට ගියානම් Higher Dip එකෙන් promotion එකක් ගන්න පුලුවන්


3. තෙවන වසර නිම කලානම් උපාධිය (BIT) හම්බෙනව. ඒ කියන්නෙ අපේ රටේ හරි පිට රටක හරි උපධියකින් කරන්න පුලුවන් ඕනම Job එකක් කරන්න පුලුවන්. ඒක IT job එකක්ම වෙන්න ඕන් නෑ. (මේ වෙද්දි ඔයා උපාධිදාරියෙක් නිසා)


*අකණ්ඩව වසර 03 ම කරන්නම ඕන කියල නීතියක් නෑ. ඔයාට ඕන වසරකින් නවත්තන්න පුලුවන්. ඒ වෙනකන් ඔයා සම්පූර්ණ කරල තියන stage එකේ Diploma හරි, HDIT හරි certificate එක ලැබෙනව.


ආරම්භය ගන්න විදිය සරලව,

පලමුවෙන් ඔයා පාඨමාලාව ආරම්භ කරන කාලය බලල Online ක්‍රමයට UCSC (කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අංශයේ) register උනාම campus ID එක, LMS ප්‍රවේශය හම්බෙනව (ඊට කලින් ඔයාට campus එකේ පොඩි interview එකක් තියනව, ඒක සරල ක්‍රියාවලියක්). පස්සෙ ඔයා තීරණය කරන්න තනියම study කරල exam ලියනවද, නැත්නම් privet institute එකකට ගිහින් ඉගෙන ගන්නවද කියන එක. 


මාස 06 කට පස්සෙ ඔයාට පලමු මාස 06 ට අදාළ (first semester) exam එක එනව. මේ exam fee එක ඔයා ගෙවන්න ඕනත් online ක්‍රමයට campus එකටමයි. මේ විදියට මාස 06 න් 06 ට සම්පූර්ණ කරන්නයි තියෙන්නෙ. හොද Instirute එකක් select කරගන්න. ඒ ගැන පසුවට කතා කරමු. බය වෙන්න එපා, සැලසුමක් ගහන්න. පලමු වසරෙ මාස 06න් ඔයා ගන්න දැනුමෙන් හරි වෙනත් පාඨමාලවකින් ගන්න දැනුම, සහතික වලින් හරි job එකකට යන්න. ඒ job එකෙන් මාසෙට රුපියල් 20,000 ගානෙ උපයා ගත්තත් ඔයා අවුරුදු 03 ඒ මට්ටමේම ඒ job එකම කලත් (20,000x36) රු.7,20,000 ක් උපයල 👍


හරියට දල වශයෙන් job මාරු කර කර අවුරුදු 03 කරගෙන ගියත් ඔයා රු. ලක්ෂ 15 ක්වත් උපය ගනී. ඒකෙන් අර exam fee/ Lecture fee ගෙවන එක අමාරුවෙන එකක් නෑ.

 


එක semester එකකට විෂයන් 06ක් වගේ තියනව. ඒව ගැන, ඒවගෙ අන්තර්ගතය ගැන අපි ඒලග article එකේ කතා කරමු. ඒ ගැනත් දැන ගෙනම සැලසුම ගහමු අපි. *විභාගය දෙවන වර කලත් මේ අදහස යම් දරුවෙකුට වටීවි කියල හිතනව. Campus යන්න ඉන්න අයෙකුට උනත් මේ ක්‍රමය වටීවි.


විෂය ඉගෙන ගන්න ක්‍රම 02 ක් තියනව කිවුව,


1- ස්වයං අධ්‍යනය (self study)

තනියෙන් ඉගෙන ගෙන විභාග ලිවීම. මේ ක්‍රමයට ගොඩක් campus අයියල , අක්කල තමන්ගෙ දෙවන උපාධිය ලෙසට BIT කරනව, job කරන මැදි වයසෙ අය කරනව. නිබන්ධන ඇතුලු ඉගෙනුම් සම්පත් කට්ටලය, passpaper, model question ඔයා අදාල වසරට campus එකේ ලියාපදිංචි උනාම ලැබෙන නිසා අධ්‍යන කටයුතු තනිව කරගන්නත් පුලුවන්. Campus එකේ IT කරන සහෝදරයෙක්, සහෝදරියක් ඉන්නවනම් වැඩේ පහසු වෙයි. A/L වලින් එන දරුකුටනම් ඒ ක්‍රමය අපහසුයි.


2- Lecture සදහා ආයතනයකට සහභාගී වීම

BIT කරන privet institute තියනව. කවුරුත් නොදන්න එකයි, දන්න අය නොකියන එකත් රහසක් තමයි. ඔයාට සතියෙ දවස් 05 (full time) ගිහින් ඉගෙන ගන්නත් පුලුවන්, සතිඅන්තයේ (part time) ගිහින් කරන්නත් පුලුවන්. අපි කලින් කිවුවා වගේ job එකක් කරන ගමන්, සල්ලි උපයමින් ගමන යන්න සැලසුම් කරනවනම් ඔයාටම තේරෙනවනෙ option එක. නමුත් ලොකු ආයතන වල ප්‍රතිඵල වල අඩුවක් තියනව. ඒකට හේතුව ඒගොල්ලො ඔයා කරන BIT එකට අමතරව තව Degree / Diploma පාඨමාලා මෙහෙවන නිසා.


උපකාරක ආයතනයකට යනවනම් මාස 06 ට (per semester) part time - ගෙවීම රු.60,000-70,000, full time ගෙවීම රු.ලක්ෂ යක් වගේ ගෙවීමක් කරන්න වෙයි. 


*BIT එක්මේ සදහා මේ ගාන තමා විශ්වවිද්‍යාල බාහිර උපාධියකට යන අඩුම වියදම.


විභාගයේ බර ටික ටික අඩු වෙද්දි / ප්‍රතිපල ආවම අපිට ඉස්සරහට කරන්න තියන දේවල් ටික ටික හිතට එනව. හැමෝටම එහෙම වෙන් නෑ. ජිවිතේ ගොඩ දා ගන්න සැලසුම් තියන, ආස කරන කොල්ලො, කෙල්ලො විතරයි මේව කල්පනා කරන්නෙ. 


කැම්පස් යන්න, උපාධියක් ගන්න උවමනා නිසානෙ උසස් පෙල කලේ. ඒ ගැන වාදයක් නෑ. ඒ ඉලක්කෙට යන්න බැරි කම හරි, පස්සෙ ආපු උවමනාවක් නැතිකමක් හරි නිසා ඔයා දැන් පසුතැවෙනව වෙන්න පුලුවන්. හිතන්න එපා, තව අවස්තාවක් තියනව. අපිටත් ඕන ඔයාගෙ තාරුණ්‍යය අපතෙ නොයා ඉක්මනින් ගොඩ යවන්න. හරිම තැනට ඔයාව තල්ලු කරන්න.



අපේ D-tec සහ NCIT පාඨමාලාවන් සදහා සහභාගී වන දරු දැරියන් සදහා BIT සහ ATI පාඨමාලා සදහා විශේෂ පහසුකම් සහ Online Lecture Program කීපයක් මෙවර සූදානම් වන බවද සතුටින් දන්වා සිටිමු.  ඒ වෙනුවෙන් උපාධිධාරී දේශක මණ්ඩලයකින් සැදුම්ලත් පාඨමාලා ක්‍රියාවලියක් සූදානම් වේ. 


We begin BIT (University of Colombo) & BCS (London) Degree Program via Online lectures for 2021 Intake. Kindly we invite you all to participate with special scholarship schedule. No physical class rooms & high semester fee, Only lecture service fees. We give all course materials through our LMS system and give all study facilities for free.   


මේ විස්තරය ගැන ඔයාට අපු ගැටලු ඕන එකක් watsapp හරහා අහන්න, comment කරන්න. ඉස්සරහට ලංකාවෙ තියන වෙනත් Degree, Tec, HND ගැනත් ඔයාව දැනුවත් කරන්නම්. උසස් පෙල S3 ට යන්න පුලුවන් හොදම තැන් ගැන කතා කරමු. 


Upcoming Article :

1- ලංකාව පුරා ඇති Advanced Technical Instirute ගැන දැනගන්න, S3 ට HNDIT, HNDAgri, HND Accounts සදහා සහභාගී වෙමු.


Article by : Mr. Nishshanka Pradeep & Mr. Pavithra Chathuranga 

D-tec Academic 00883 (Sabaragamuwa)




Saturday, September 26, 2020

ඔයාට කරන්න පුලුවන් Online Business

මෙහි කතා කරන සියලුම ක්‍රම අපි ඕන කෙනෙක්ට ප්‍රායෝගිකව කරන්න පුලුවන් ඒව. තමන්ගෙ phone එක උනත් ඇති වැඩේ පටන් ගන්න. හැබැයි ඉස්සෙල්ලම ලොකු වැඩකට යන්න කලින් පොඩි වැඩ ටිකක් කරල හිමින් සැරේ ක්‍රමය අල්ලගත්තතොත් හොදයි. පහල ලින්ක් එකට click කරල video එක අනිවාර්යයෙන් බලන්න. එතකොට හොදටම මේ කියන ක්‍රම පැහැදිලි වෙයි.

Lesson Video Link : https://bit.ly/33X1W3m



විඩියෝ එකේ ඔයාට online කරන්න පුලුවන් business 15 ක් පැහැදිලි කරනව, අපි මේ බ්ලොග් එකෙන් ඉන් 8 ක් කෙටියෙන් පැහැදිලි කරන්නම්.

1. Affiliate Marketing 
මේක හරිම ප්‍රසිද්ද ක්‍රමයක්. තව කෙනෙක්ගෙ භාන්ඩයක් හෝ සේවාවක් අපිට අපේ site එකල හරි, සමාජ මාධ්‍ය භාවිතා කරල market කරන්නයි තියෙන්නෙ. අපිට අතරමැදි / තැරැව්කාර ආදායමක් ලැබැනව. අපේ item එක අනුව අදායම වැඩි කරගන්න පුලුවන්.

2. Blog
Wordpress, Blogger, Blogspot වගේ site එකකින් අපිට නොමිලේ බ්ලොග් එකක් හදාගන්න පුලුවන්. අපි කැමති content එකක් අරමුණු කරන් ලොකෙටම අපේ අදහස්, හැකියාව පෙන්වන්න පුලුවන්. ටිකක් කල් යද්දි අපිට පුලුවන් ඒකට Ad දාගන්න, බ්ලොග් වලින් ලංකාවෙ ගොඩක් අය සල්ලි හොයනව එක එක විදියට.

3. Flippa
අපිට අන්තර්ජාලයෙන් ව්‍යාපාරයක් කරන්න ආසාවක් තියනවනම් මේක හොද ක්‍රමයක්. වෙබ් අඩවියක් හදා ගන්න දන්නෙ නැති කෙනෙක් උනත් flippa වලින් අපිට ඕන site එක නොමිලේම හදාගෙන අපේ store එක විවෘත කරගන්න පුලුවන්. Flippa  විසින් අපිව ලෝකෙටම market කරල දෙනව.

4. Shopify
මේක ebay වගේ එකක්, වෙනස තමා අපි විකුණන භාණ්ඩයේ ad එක මෙයාම ලෝකෙටම promote කරල දෙන එක. කවුරුත් එවිත් බලනකම් ඉන්න නැතුව, හැමෝටම පේන්න එක එක තැන් වල මෙයා ad දාල අපිව උස්සල තියනව. 

5. App Developer
ඔයාට පුලුව ideamart වගේ සේවකින් නොමිලේ app එකක් හදා ගන්න. අධ්‍යාපන, විනෝද, සන්නිවේදන වගේ concept හරහා ඔයාට පුලුවන් app හදලා ඒක market කරන්න. කවුරු හරි app එක Download කරද්දි හරි, පාවිච්චි කරන දින ගානට හරිසල්ලි කැපෙන්න හදන්න පුලුවන්.

6. Youtube
මේක ගැනනම් හැමෝම දන්නවනෙ. ඔයා කැමති content එකක් යටතේ වීඩියෝ කරමින් ලෝකෙටම ඔයාව අරන් යන්න තියන විදිහක්. Subscribe ගාන, watching hours ගාන තෘප්ත කරල ad දාගන්න පුලුවන්. ඊට පස්සෙ නිකම්ම සල්ලි එනව ඔයාට. 



7. Dropshipping
Ebay, Alibaba වගේ online shopping mall වල තියන භාන්ඩ අපි විසින් වෙනම market කරන වැඩක් තමා මේකෙන් වෙන්නෙ. ලොකු quantity එකක්, bid කරල අඩු ගානට අරන් අපේ පිරිසකට අපේ ගානකට විකුනන එක තමා මෙහිදී වෙන්නෙ. ඔයා විකුණන අයිතමය මත, ඒකෙ quantity එක මත ඔයාගෙ ආදායම ඉහල යනව. 

8. Fiverr 
ඔයා මේ ගැනනම් හොදටම ඉගෙන ගන්න ඕන. ඔයාට තියන හැකියාවක් හරහා ඇත්‍තටම කාගෙන් හරි contact එකක් අරන් අදාල දවසට කරල දෙන්නයි තියෙන්නෙ. Graphics, Animation, Word, Excel, Video වගේ දැනුම තියනවනම් ඔයාට පහසුවෙන් ලොකු ලොකු ගනන් හම්බකරන්න පුලුවන් විදියක්. අපි fiverr ගැන වෙනම පාඩමක් ලබන සතියෙ ඉදන් පටන් ගන්නව. 



මේ හැර තවත් ක්‍රම ගැනත් වැඩි දුර ඉගෙන ගන්න අපි මේ දීල ලින්ක් එකට click කරන්න. ඔයාගෙ course එක එක කරන සර්ල හරහා මේව ගැන වැඩි දුර ඉගෙන ගන්න පුලුවන්.






වැදගත්ම දේ ඔයා මේ ගැන උනන්දුවෙලා, හොයල බලල මේවට අතතියන එකයි. Phone එකෙන් වැඩේ පටන් ගන්න පුලුවන්. ඔයාට facebook ගිණුම් කීපයක් තියනවනම්, watsapp / viber ලොකු contact ගණනක් තියනවනම් මේ වැඩේ තවත් ලේසි වෙයි. උත්සහ කරල බලමු. 




article by : Pavithra Chathuranga (Senior lecturer Western, Wayamba D-tec) 

Monday, April 6, 2020

ඔයාගෙ හඩින් පාඩමක් ළමයිට යවමු.


ඔයාගෙ හඩක් phone එකෙන් පටිගත කරගන්න පුලුවන්නම් වැඩේ ගොඩ. මේකට විශේෂ අමුතු phone එකක් ඕන් නෑ. විශේෂ app එකක් ඕන් නෑ. හැබැයි අපේ software එකට හඩ පටිය දාගන්නන්ම් ඒක .mp3 විදියට තියෙන්න ඕන.

මෙන්න දැනට මතුවන ප්‍රශ්න,

1. කොහොමද හඩ පටය clip එක .mp3 ද කියල දැනගන්නෙ.

හඩ පටය data cable එකෙන් පරිගණකයට දා ගන්න. ඊට පස්සෙ ඒ clip එකට right click කරන්න. ඒකෙන් බලාගන්න පුලුවන් file එකේ extension එක. ඒක mp3 නම් වැඩේ හරි.

2. බලද්දි mp3 නෙමේනෙ,

එහෙනම් අපි දෙන්නම් Format Factory කියන software එක. ඒක install කරල run කරන්න. ඔයාගෙ හඩ පටිය  software එකට ඇදල දාගන්න, එතකොටම අහයි convert වෙන්න ඕන file type එක, එතනදි තෝරන්න mp3 කියන type එක.

මෙතනින් format factory බාගත කරගන්න.




හරි දැන් හඩ පටය mp3 වෙලා තියෙන්නෙ. දැන් බලමු හඩ පටය කපන කොටන විදිය, පසුබිමට සිංදුවක් දා ගන්න විදිය.

අපි දෙන්නම් තව software එකක්, නම Acoustica MP3 Audio Mixer. මේක install කරගන්න. හැබැයි මේකට serial number එකක් ඉල්ලනව. ඒක අපි දෙන්නම්, 

Serial Number : 3655104

මෙතනින් Acoustica භාගත කරගන්න.


ඉල්ලන තැනට මේ අංකය දෙන්න. වැඩේ හරි. දැන් ඔයාගෙ mp3 හඩ පටය මේ software එකට ඇදල දාන්න.

ඔන්න දැන් මතුවන ගැටලු,
1. කොහොමද මැද්දෙන් කපන්නෙ, වෙන් කරන්නෙ.
ඔයාගෙ clip එක, එක track එකකට ඇදල දා ගන්න. පස්සෙ කපාගන්න ඕන තැනින් උඩට (උඩ tack එකට) Double click කරල පහල ඔයාගෙ හඩ පටය තියන track එකට අදින්න.


*මං හිතන්නෙ මේක කරද්දිනම් අපෙන් සජීවී උපදෙසක් ඕන වෙයි, call එකක් දෙන්න.
එහෙම හඩ පටය උඩට ඇදල පොඩ්ඩක් ඉස්සරහට වෙන්නත් ඇදල > Delete ඔබන්න. දැන් එක දිගට තිබ්බ හඩ පටය දෙකට කැපිල ඇති.

මෙහෙම තැනින් තැන කපල ඕන ටික ඉතුරු කරගන්න.

දැන් බලමු ඕන තැනින් සද්දෙ අඩු, වැඩි කරගන්නෙ කියල.

ඔයාගෙ track එකේ මැද්දෙ දිගටම ඉරක් තියනව නේද. අන්න ඒ ඉර ලගට mouse point එක අරන් ගිහියාම මැජික් පොල්ලක්, අන්න ඒක අර ඉර උඩට ගිහින් click කරන්න. දැන් ඒ ඉරේ point එකක් කැඩුන. එහෙම තව ඉස්සරහින් point එකක් කඩල ඒක පහලට අදින්න. දැන් උඩ play button එක press කරල බලන්න පලමු pont එකේ ඉදන් පහලට ඇදපු point එක ලගට එද්දි සද්දෙ ගානට අඩු වෙයි.



එහෙම සද්දෙ අඩු උන තැනින් පහල track එකක තියන සිංදුවක් සද්දෙ වැඩි වෙන විදියට හදන්න. ඔයාට දැන් රේඩියෝ ad එකක් මතක් වෙයි.



ඔහොම හදල, සිංදු දාල එහෙම clip එක දිගට හදාගන්න. අවසානයේ උඩම File > Save As > .mp3 යන්න. එතනින් නමක් දීල එහ්ව්ම කරපු වැඩේ save කරන්න. *තව window එකක් එයි, එකෙන් quality එක උපරිම කරල Ok කරන්න.



දැන් ඔයාගෙ clip එක save කරපු තැනින් අහල බලන්න. ඒක massenger, watsapp වලින් ළමයිට යවන්න.

නිකම්ම හඩපටය යවනවට වඩා හොදයි නේද Blog එකක් ම හදල ලස්සනට වැඩේ කරගෙන ගියොත්. එහෙනම් කලින් අපේ ලිපිය මෙතනින් බලන්න.




ප්‍රශ්න ආවොත් කතා කරන්න, 0775832920  071 8565279


COMPUTER Academy :: 2020

Sunday, April 5, 2020

තමන්ගෙ පාඩම් කොටස් දරුවන්ට ලබා දෙන්නෙ කොහොමද


අපේ ගුරුවරු සෙට් එකට මේ ටිකෙ තියන ගැටලුවක් තමා තමන්ගෙ පාඩම් කොටස් දරුවන්ට ලබා දෙන්නෙ කොහොමද, ලමයි ටික එක්ක සම්බන්දතාවය අකණ්ඩව තියන් ඔවුන්ගෙ අධ්‍යාපන කටයුතු වලට සහයක් දෙන ආකාරය.

මේකට පොඩි පිලිතුරක් අපි යෝජනා කරනව. දැන්ම පටන් ගත්තොත් තව ඉස්සරහට ලොකු ව්‍යාපෘතියක් ලෙසට මේ වැඩේ කරගෙන යන්න පුලුවන්. අපේ ගොඩක් අය මේ ගැන අහන නිසාමයි මේ ලිපිය ලියන්නෙ.
ඔයා වැඩේ පටන් ගන්න, වීඩියෝ හදන්න, ඒව youtube දාන්න, ළමයිගෙ numbers තියන නිසා watsapp හරි සාමාන්‍ය msg භාවිතා කරල තම්ගෙ portal එකට ළමයිව සම්බන්ද කරගන්න.

1. ඉස්සල්ලම blog එකක් හදාගන්න. ඒකට phone එකට වඩා lap එක හරි Desktop පරිගණකය පාවිච්චි කලානම් හොදයි.



2. ඒකෙන් ඔයාගෙ පලවෙනි පාඩම, ලමයිට යවන ඇගයීම post එකක් විදියට හදන්න. සිංහලෙන් ගහන්න ඕන ටික phone එකෙන් හෙලකුරු දාන් ගහල ඔයාටම mail එකක් දාගන්න. ඒ text එක අරන් රූප එහෙමත් දාල article එක ලස්සනට හදන්න. ඔයාගෙ note ඕනනම් කොලේක ලියල photo එකක් ගහල data cable එකෙන් පරිගනකයට දාල article එකට එකතු කරගන්න.



3. ඊට පස්සෙ article එක post කරන්න. ලෝකෙටම දැන් ඒක පේනව. හැබැයි ලමයි ටික bolg එකේ දාපු post එකේ link එක දැනගන්න ඕන😀



4. Link එක උඩින් copy කරන්න. ඒක යවන්න එපා දිග වැඩි නිසා. Google එකට ගිහින් url soter එකකින් උදවු ගන්න. මෙන්න මේ link එකෙන් යන්නකො,



5. කොට කරගත්ත line එක ළමයිට යවන්න. Watsapp හරි txt msg භාවිතා කරල ඔයාගෙ ලිපිය ප්‍රවර්ධනය කරන්න.

6. මෙහෙම දවස් දෙකෙන් දෙකට පාඩම්, ඇගයීම්, ප්‍රශ්න පත්‍ර යවන්න. වීඩියෝ එකක් උනත් මේ blog post එකට දාන්න පුලුවන්.

7. ළමය link එකට click කලාම එයාගෙ phone එකට කෙලින්ම ඔයාගෙ paper එක download වෙනව, මරු 😁


ඒක මෙහෙමයි හදන්නෙ....
ඔයා ගාව හදපු papers එහෙම තියනවනම් ඒව pdf කරන්න. ඊට පස්සෙ FTP සේවාවක සහය ගන්න 😂, ඉන්න කියල දෙන්නම්...



ඔයාගෙ phone එකේ playstore යන්න. MediaFire කියල ගහන්න. පොඩි app එකක් බාගත වෙයි. පොඩි විස්තර ටිකක් අහයි බය නැතුව දෙන්න. ඔයාගෙ pdf එක ඒකට upload කරන්න. ඒක share කරන option එකඑන් Copy Link දෙන්න. ඒ link එක අර වගේම sort කරන් ලමයට යවන්න.



*නිකම්ම යවන්න එපා, ඒ ලින්ක් එක blog එකේ article එකකට දීල ලස්සනට හදල යවන්න.

8. Blog එක හදද්දි ලස්සනට නිර්මාශීලීව හදන්න. ලමයි කවදාවත් miss කරන එකක් නෑ. හිතට වදින වදන් ටිකකුත් දාල හදන්න. ලමයිට කරන්න පොඩි game එකක්, උත්තර එවපුවම තෑග්ගක්, data card එකක්, රු.50 card එකක් යවන වගේ වැඩසටහනක් දාගත්තනම් පංතියෙ ලමයි මෙනේ එයාලගෙ යාලුවො ටිකත් set වෙයි වැඩේට.



*තෑගි දෙන්නෙ ආපහු පංති පටංගත්තම. 🔥තවත් මෙවැවි ජිල්ගුංඩු point ඕන්නම් නිං බෑ, අපිටත් සලන්න... ඕන තරම්දෙන්නම් 🤐

9. Blog එකෙන් හදන article එක එයාලගෙ phone එකේ ලස්සනට පෙනෙයි. ඔයාගෙ ad එකක් එහෙමත් පොඩියට හදල දාන්න. මොකද මේ වැඩේ ඉස්සහටම නැගලම යනව, sure.

මතක තියාගන්න youtube යන්න ලමයිට මෙවලෙ data නෑ. අනික ඔයාගෙ notes, pdf paper ලමයිට වටීවි. ඕන්නම් ඉතින් ඔයාගෙ හඩින්ම පොඩි voice track එකක් (ළමයි මේ කියන ටික අහගන්න, මේ ටික මගෙ හඩින්ම අහල පාඩම් කරගන්න. මේව තමා වැදගත්ම... 😁)

ඔයාගෙ phone එකෙන්ම record කරන්න. Mp3 එක අර කලින් කියපු MideaFire එකට දාල link එක පාඩමේ මැදට දාන්න.

For a sample >>> https://bit.ly/2x39J3a



10. අන්තිම point එක. ඔයා මේ වැඩේ අදම පටන් ගන්න. ලොකු වැඩක ආරම්භයක් වෙයි. Artwork හදද්දි පොඩිවට හඩවන්න. Download බොත්තම් එහෙම google එකෙන් ගන්න.




Article By : Pavithra Chathuranga COMPUTER Academy ~ 2020

June Resources Set

  මෙම මස Passcode එක : 3478 පැය 06 ක් තුල ඔබ අනිවාර්යයෙන් Submit කළ යුතු පෝරමය (මෙහි ඔබ D-tec සමූහයේ රැදී සිටින ජංගම දුරකතන අංකය නිවර්දිවම ල...