මෙම මස Passcode එක : 3478
D-tec20 ::: HOME Page
D-tec සහ NCIT පාඨමාලාවන් සදහා වෙන් වුන වෙබ් අඩවිය. jobs.lanka@yahoo.com වෙත ඔබගේ අදහස් සහ ලිපි කතෘ මණ්ඩලය වෙත යොමු කරන්න.
Saturday, May 29, 2021
June Resources Set
Thursday, October 15, 2020
අඩුම කාලෙකින්, අඩුම පිරිවැයකින් BIT උපාධිය

ලංකාවෙ ඉතා සුලු පිරිසයි කැම්පස් යන්නෙ. ගොඩක් අය ඉබාගාතෙ යනව. තමන්ට හරියන පාර හොය හොය අවුරුදු ගනන් රස්තියාදු වෙනව. ප්‍රතිඵල ආව ගමන් හැමෝම ගොඩක් Course ගැන හොයනව, Register වෙන්න හදනව. එහෙම තමා කොයි අවුරුද්දෙත්, අපි අවුරුදු ගානක් පුරාවට ළමයි දිහා අවධානෙන් බලා ඉන්නව. ඒත් ඒ හොයන දේවල්, හොයපු දේවල් සති දෙකකින්, තුනකින් එහෙමම ඔවුන්ටම අමතක වෙනව. ඔයා එහෙම වෙන්න ඕන් නෑ...
ඔයා මේ පාර උසස් පෙළ ලියනව. මොන අංශයෙන් උසස් පෙල කලත් කමක් නෑ, S3 ක් එනවනම් (ඒ නැතැත් FIT විභාගෙන් උපාධියට යන්න පුලුවන්) ඔයා වෙනුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ BIT බාහිර උපාධිය කරන්න පුලුවන්.

මෙහෙමයි වැඩේ තියෙන්නෙ,
1. පලමු වසර නිම කලොත් Diploma (DIT) එක හම්බෙනව. ඒකෙන් රජයේ, පුද්ගලික අංශයේ රැකියාවකට යන්න පහසුවෙන් පුලුවන්. ඉස්සෙල්ලම ඒ target එක ගහල ඉන්න. ලොකු වියදමුකුත් නෑ.
(ගොඩක් වෘත්තීයවේදීන් මේ පලමු වසර කරන්නම එනව, තමන්ගෙ කරන රැකියාවෙ උසස්වීමක් බලන්, නැත්නම් වෙනත් රැකියාවක සුදුසුකමක් සපුරගන්න)
2. දෙවන වසර නිම කලාම Higher Diploma එක (HDIT) හම්බෙනව. ඔයා job එකකට ගියානම් Higher Dip එකෙන් promotion එකක් ගන්න පුලුවන්
3. තෙවන වසර නිම කලානම් උපාධිය (BIT) හම්බෙනව. ඒ කියන්නෙ අපේ රටේ හරි පිට රටක හරි උපධියකින් කරන්න පුලුවන් ඕනම Job එකක් කරන්න පුලුවන්. ඒක IT job එකක්ම වෙන්න ඕන් නෑ. (මේ වෙද්දි ඔයා උපාධිදාරියෙක් නිසා)
*අකණ්ඩව වසර 03 ම කරන්නම ඕන කියල නීතියක් නෑ. ඔයාට ඕන වසරකින් නවත්තන්න පුලුවන්. ඒ වෙනකන් ඔයා සම්පූර්ණ කරල තියන stage එකේ Diploma හරි, HDIT හරි certificate එක ලැබෙනව.
ආරම්භය ගන්න විදිය සරලව,
පලමුවෙන් ඔයා පාඨමාලාව ආරම්භ කරන කාලය බලල Online ක්‍රමයට UCSC (කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අංශයේ) register උනාම campus ID එක, LMS ප්‍රවේශය හම්බෙනව (ඊට කලින් ඔයාට campus එකේ පොඩි interview එකක් තියනව, ඒක සරල ක්‍රියාවලියක්). පස්සෙ ඔයා තීරණය කරන්න තනියම study කරල exam ලියනවද, නැත්නම් privet institute එකකට ගිහින් ඉගෙන ගන්නවද කියන එක.
මාස 06 කට පස්සෙ ඔයාට පලමු මාස 06 ට අදාළ (first semester) exam එක එනව. මේ exam fee එක ඔයා ගෙවන්න ඕනත් online ක්‍රමයට campus එකටමයි. මේ විදියට මාස 06 න් 06 ට සම්පූර්ණ කරන්නයි තියෙන්නෙ. හොද Instirute එකක් select කරගන්න. ඒ ගැන පසුවට කතා කරමු. බය වෙන්න එපා, සැලසුමක් ගහන්න. පලමු වසරෙ මාස 06න් ඔයා ගන්න දැනුමෙන් හරි වෙනත් පාඨමාලවකින් ගන්න දැනුම, සහතික වලින් හරි job එකකට යන්න. ඒ job එකෙන් මාසෙට රුපියල් 20,000 ගානෙ උපයා ගත්තත් ඔයා අවුරුදු 03 ඒ මට්ටමේම ඒ job එකම කලත් (20,000x36) රු.7,20,000 ක් උපයල 👍
හරියට දල වශයෙන් job මාරු කර කර අවුරුදු 03 කරගෙන ගියත් ඔයා රු. ලක්ෂ 15 ක්වත් උපය ගනී. ඒකෙන් අර exam fee/ Lecture fee ගෙවන එක අමාරුවෙන එකක් නෑ.

එක semester එකකට විෂයන් 06ක් වගේ තියනව. ඒව ගැන, ඒවගෙ අන්තර්ගතය ගැන අපි ඒලග article එකේ කතා කරමු. ඒ ගැනත් දැන ගෙනම සැලසුම ගහමු අපි. *විභාගය දෙවන වර කලත් මේ අදහස යම් දරුවෙකුට වටීවි කියල හිතනව. Campus යන්න ඉන්න අයෙකුට උනත් මේ ක්‍රමය වටීවි.
විෂය ඉගෙන ගන්න ක්‍රම 02 ක් තියනව කිවුව,
1- ස්වයං අධ්‍යනය (self study)
තනියෙන් ඉගෙන ගෙන විභාග ලිවීම. මේ ක්‍රමයට ගොඩක් campus අයියල , අක්කල තමන්ගෙ දෙවන උපාධිය ලෙසට BIT කරනව, job කරන මැදි වයසෙ අය කරනව. නිබන්ධන ඇතුලු ඉගෙනුම් සම්පත් කට්ටලය, passpaper, model question ඔයා අදාල වසරට campus එකේ ලියාපදිංචි උනාම ලැබෙන නිසා අධ්‍යන කටයුතු තනිව කරගන්නත් පුලුවන්. Campus එකේ IT කරන සහෝදරයෙක්, සහෝදරියක් ඉන්නවනම් වැඩේ පහසු වෙයි. A/L වලින් එන දරුකුටනම් ඒ ක්‍රමය අපහසුයි.
2- Lecture සදහා ආයතනයකට සහභාගී වීම
BIT කරන privet institute තියනව. කවුරුත් නොදන්න එකයි, දන්න අය නොකියන එකත් රහසක් තමයි. ඔයාට සතියෙ දවස් 05 (full time) ගිහින් ඉගෙන ගන්නත් පුලුවන්, සතිඅන්තයේ (part time) ගිහින් කරන්නත් පුලුවන්. අපි කලින් කිවුවා වගේ job එකක් කරන ගමන්, සල්ලි උපයමින් ගමන යන්න සැලසුම් කරනවනම් ඔයාටම තේරෙනවනෙ option එක. නමුත් ලොකු ආයතන වල ප්‍රතිඵල වල අඩුවක් තියනව. ඒකට හේතුව ඒගොල්ලො ඔයා කරන BIT එකට අමතරව තව Degree / Diploma පාඨමාලා මෙහෙවන නිසා.
උපකාරක ආයතනයකට යනවනම් මාස 06 ට (per semester) part time - ගෙවීම රු.60,000-70,000, full time ගෙවීම රු.ලක්ෂ යක් වගේ ගෙවීමක් කරන්න වෙයි.
*BIT එක්මේ සදහා මේ ගාන තමා විශ්වවිද්‍යාල බාහිර උපාධියකට යන අඩුම වියදම.
විභාගයේ බර ටික ටික අඩු වෙද්දි / ප්‍රතිපල ආවම අපිට ඉස්සරහට කරන්න තියන දේවල් ටික ටික හිතට එනව. හැමෝටම එහෙම වෙන් නෑ. ජිවිතේ ගොඩ දා ගන්න සැලසුම් තියන, ආස කරන කොල්ලො, කෙල්ලො විතරයි මේව කල්පනා කරන්නෙ.
කැම්පස් යන්න, උපාධියක් ගන්න උවමනා නිසානෙ උසස් පෙල කලේ. ඒ ගැන වාදයක් නෑ. ඒ ඉලක්කෙට යන්න බැරි කම හරි, පස්සෙ ආපු උවමනාවක් නැතිකමක් හරි නිසා ඔයා දැන් පසුතැවෙනව වෙන්න පුලුවන්. හිතන්න එපා, තව අවස්තාවක් තියනව. අපිටත් ඕන ඔයාගෙ තාරුණ්‍යය අපතෙ නොයා ඉක්මනින් ගොඩ යවන්න. හරිම තැනට ඔයාව තල්ලු කරන්න.
අපේ D-tec සහ NCIT පාඨමාලාවන් සදහා සහභාගී වන දරු දැරියන් සදහා BIT සහ ATI පාඨමාලා සදහා විශේෂ පහසුකම් සහ Online Lecture Program කීපයක් මෙවර සූදානම් වන බවද සතුටින් දන්වා සිටිමු. ඒ වෙනුවෙන් උපාධිධාරී දේශක මණ්ඩලයකින් සැදුම්ලත් පාඨමාලා ක්‍රියාවලියක් සූදානම් වේ.
We begin BIT (University of Colombo) & BCS (London) Degree Program via Online lectures for 2021 Intake. Kindly we invite you all to participate with special scholarship schedule. No physical class rooms & high semester fee, Only lecture service fees. We give all course materials through our LMS system and give all study facilities for free.
මේ විස්තරය ගැන ඔයාට අපු ගැටලු ඕන එකක් watsapp හරහා අහන්න, comment කරන්න. ඉස්සරහට ලංකාවෙ තියන වෙනත් Degree, Tec, HND ගැනත් ඔයාව දැනුවත් කරන්නම්. උසස් පෙල S3 ට යන්න පුලුවන් හොදම තැන් ගැන කතා කරමු.
Upcoming Article :
1- ලංකාව පුරා ඇති Advanced Technical Instirute ගැන දැනගන්න, S3 ට HNDIT, HNDAgri, HND Accounts සදහා සහභාගී වෙමු.
Article by : Mr. Nishshanka Pradeep & Mr. Pavithra Chathuranga
D-tec Academic 00883 (Sabaragamuwa)
Saturday, September 26, 2020
ඔයාට කරන්න පුලුවන් Online Business
මෙහි කතා කරන සියලුම ක්‍රම අපි ඕන කෙනෙක්ට ප්‍රායෝගිකව කරන්න පුලුවන් ඒව. තමන්ගෙ phone එක උනත් ඇති වැඩේ පටන් ගන්න. හැබැයි ඉස්සෙල්ලම ලොකු වැඩකට යන්න කලින් පොඩි වැඩ ටිකක් කරල හිමින් සැරේ ක්‍රමය අල්ලගත්තතොත් හොදයි. පහල ලින්ක් එකට click කරල video එක අනිවාර්යයෙන් බලන්න. එතකොට හොදටම මේ කියන ක්‍රම පැහැදිලි වෙයි.
Lesson Video Link : https://bit.ly/33X1W3m



වැදගත්ම දේ ඔයා මේ ගැන උනන්දුවෙලා, හොයල බලල මේවට අතතියන එකයි. Phone එකෙන් වැඩේ පටන් ගන්න පුලුවන්. ඔයාට facebook ගිණුම් කීපයක් තියනවනම්, watsapp / viber ලොකු contact ගණනක් තියනවනම් මේ වැඩේ තවත් ලේසි වෙයි. උත්සහ කරල බලමු.
Monday, April 6, 2020
ඔයාගෙ හඩින් පාඩමක් ළමයිට යවමු.
ඔයාගෙ හඩක් phone එකෙන් පටිගත කරගන්න පුලුවන්නම් වැඩේ ගොඩ. මේකට විශේෂ අමුතු phone එකක් ඕන් නෑ. විශේෂ app එකක් ඕන් නෑ. හැබැයි අපේ software එකට හඩ පටිය දාගන්නන්ම් ඒක .mp3 විදියට තියෙන්න ඕන.
1. කොහොමද හඩ පටය clip එක .mp3 ද කියල දැනගන්නෙ.
1. කොහොමද මැද්දෙන් කපන්නෙ, වෙන් කරන්නෙ.
Sunday, April 5, 2020
තමන්ගෙ පාඩම් කොටස් දරුවන්ට ලබා දෙන්නෙ කොහොමද
Article By : Pavithra Chathuranga COMPUTER Academy ~ 2020
Friday, October 11, 2019
GIT අත්වැල
GIT විභාගය සදහා පෙර පුහුණුවක් ලබා ගැනීමට අදාල මෘදුකාංගය බාගත කර ගැනීම සදහා,
මෙම මෘදුකාංගය Windows මෙහෙයුම පද්ධතිය මත දිවෙන අතර පරිගණකයේ ක්‍රියාත්මක කරන්න.
පසුගිය ප්‍රශ්න පත්‍ර සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර බාගත කර ගැනීම සදහා,
පාඩම් සටහන් බාගත කර ගැනීම සදහා,
Thursday, October 3, 2019
MS Word අත්වැල
MS Word 2010 අතුරුමුහුණත භාගත කර ගන්න (Download MS Word 2010 Interface Screenshot)
2. නිවසක් විකිණීමට ඇත
3. සිංහල රාජකාරී ලිපිය
4. ඉංග්‍රීසි ලිපිය (නිදහස්)
5. Q5 වගුව
6. Q6 වගුව
7. ආධාර වගුව
8. ජීව දත්ත පත්‍රිකාව Q7
9. ජීව දත්ත පත්‍රිකාව Q22
10. ලිපි ශීර්ෂය
11. බෝතල් ලේබල් 20
12. බල පිහිටුම් රූපය
13. කප්පි රූපය
14. පෘෂ්ඨ වර්ගපලය රූපය
15. Toilet notice
16. අයදුම් පත්‍රය Q21
17. CD ලේබලය
18. බහුවරණ ප්‍රශ්න පත්‍රය
විභාග අයදුම්පත්‍රය අදාල ආයතනයෙන් ලබාගෙන පුරවා විභාග දිනට දින 03 ක් කලින්,
- ජාතික හැදුනුම්පතේ පිටපතක්
- වර්ණ චායාරූපය 02 ක්
- රු.15 තැපැල් මුද්දර 02 ක්
- විභාග ගාස්තුව සමග භාර දෙන්න.
D-Tec පාඨමාලාවේ විභාගය අදියර දෙකකින් පැවැත්වෙන අතර පලමු විභාගය සදහා පිටු 40 ව්‍යාපෘතිය ඉදිරිපත් කල යුතුය.
- 2018-2019 වර්ෂ වල උසස් පෙල විභාගයට මුහුණ දුන්
- D-tec පරිගණක පාඨමාලාව හදාරන
- සැප්තැම්බර් මස මූලික අයදුම්පත්‍රය පිරවූ
June Resources Set
මෙම මස Passcode එක : 3478 පැය 06 ක් තුල ඔබ අනිවාර්යයෙන් Submit කළ යුතු පෝරමය (මෙහි ඔබ D-tec සමූහයේ රැදී සිටින ජංගම දුරකතන අංකය නිවර්දිවම ල...
-
MS Word 2010 අතුරුමුහුණත භාගත කර ගන්න (Download MS Word 2010 Interface Screenshot) Click here to Download MS Word 2010 (Pr...
-
කුසපත් අදිනු ලබන තරගයට සම්බන්ධ වීමට පහලට යන්න. --- Lesson 01 ---- Fiverr යනු ඩිජිටල් සේවා සඳහා ලොව විශාලතම වෙළඳපොලයි. එබැවින්, ඔබට...
-
GIT විභාගය සදහා පෙර පුහුණුවක් ලබා ගැනීමට අදාල මෘදුකාංගය බාගත කර ගැනීම සදහා, මෙම මෘදුකාංගය Windows මෙහෙයුම පද්ධතිය මත දිවෙන අතර පරිගණක...


























