Saturday, September 26, 2020

ඔයාට කරන්න පුලුවන් Online Business

මෙහි කතා කරන සියලුම ක්‍රම අපි ඕන කෙනෙක්ට ප්‍රායෝගිකව කරන්න පුලුවන් ඒව. තමන්ගෙ phone එක උනත් ඇති වැඩේ පටන් ගන්න. හැබැයි ඉස්සෙල්ලම ලොකු වැඩකට යන්න කලින් පොඩි වැඩ ටිකක් කරල හිමින් සැරේ ක්‍රමය අල්ලගත්තතොත් හොදයි. පහල ලින්ක් එකට click කරල video එක අනිවාර්යයෙන් බලන්න. එතකොට හොදටම මේ කියන ක්‍රම පැහැදිලි වෙයි.

Lesson Video Link : https://bit.ly/33X1W3m



විඩියෝ එකේ ඔයාට online කරන්න පුලුවන් business 15 ක් පැහැදිලි කරනව, අපි මේ බ්ලොග් එකෙන් ඉන් 8 ක් කෙටියෙන් පැහැදිලි කරන්නම්.

1. Affiliate Marketing 
මේක හරිම ප්‍රසිද්ද ක්‍රමයක්. තව කෙනෙක්ගෙ භාන්ඩයක් හෝ සේවාවක් අපිට අපේ site එකල හරි, සමාජ මාධ්‍ය භාවිතා කරල market කරන්නයි තියෙන්නෙ. අපිට අතරමැදි / තැරැව්කාර ආදායමක් ලැබැනව. අපේ item එක අනුව අදායම වැඩි කරගන්න පුලුවන්.

2. Blog
Wordpress, Blogger, Blogspot වගේ site එකකින් අපිට නොමිලේ බ්ලොග් එකක් හදාගන්න පුලුවන්. අපි කැමති content එකක් අරමුණු කරන් ලොකෙටම අපේ අදහස්, හැකියාව පෙන්වන්න පුලුවන්. ටිකක් කල් යද්දි අපිට පුලුවන් ඒකට Ad දාගන්න, බ්ලොග් වලින් ලංකාවෙ ගොඩක් අය සල්ලි හොයනව එක එක විදියට.

3. Flippa
අපිට අන්තර්ජාලයෙන් ව්‍යාපාරයක් කරන්න ආසාවක් තියනවනම් මේක හොද ක්‍රමයක්. වෙබ් අඩවියක් හදා ගන්න දන්නෙ නැති කෙනෙක් උනත් flippa වලින් අපිට ඕන site එක නොමිලේම හදාගෙන අපේ store එක විවෘත කරගන්න පුලුවන්. Flippa  විසින් අපිව ලෝකෙටම market කරල දෙනව.

4. Shopify
මේක ebay වගේ එකක්, වෙනස තමා අපි විකුණන භාණ්ඩයේ ad එක මෙයාම ලෝකෙටම promote කරල දෙන එක. කවුරුත් එවිත් බලනකම් ඉන්න නැතුව, හැමෝටම පේන්න එක එක තැන් වල මෙයා ad දාල අපිව උස්සල තියනව. 

5. App Developer
ඔයාට පුලුව ideamart වගේ සේවකින් නොමිලේ app එකක් හදා ගන්න. අධ්‍යාපන, විනෝද, සන්නිවේදන වගේ concept හරහා ඔයාට පුලුවන් app හදලා ඒක market කරන්න. කවුරු හරි app එක Download කරද්දි හරි, පාවිච්චි කරන දින ගානට හරිසල්ලි කැපෙන්න හදන්න පුලුවන්.

6. Youtube
මේක ගැනනම් හැමෝම දන්නවනෙ. ඔයා කැමති content එකක් යටතේ වීඩියෝ කරමින් ලෝකෙටම ඔයාව අරන් යන්න තියන විදිහක්. Subscribe ගාන, watching hours ගාන තෘප්ත කරල ad දාගන්න පුලුවන්. ඊට පස්සෙ නිකම්ම සල්ලි එනව ඔයාට. 



7. Dropshipping
Ebay, Alibaba වගේ online shopping mall වල තියන භාන්ඩ අපි විසින් වෙනම market කරන වැඩක් තමා මේකෙන් වෙන්නෙ. ලොකු quantity එකක්, bid කරල අඩු ගානට අරන් අපේ පිරිසකට අපේ ගානකට විකුනන එක තමා මෙහිදී වෙන්නෙ. ඔයා විකුණන අයිතමය මත, ඒකෙ quantity එක මත ඔයාගෙ ආදායම ඉහල යනව. 

8. Fiverr 
ඔයා මේ ගැනනම් හොදටම ඉගෙන ගන්න ඕන. ඔයාට තියන හැකියාවක් හරහා ඇත්‍තටම කාගෙන් හරි contact එකක් අරන් අදාල දවසට කරල දෙන්නයි තියෙන්නෙ. Graphics, Animation, Word, Excel, Video වගේ දැනුම තියනවනම් ඔයාට පහසුවෙන් ලොකු ලොකු ගනන් හම්බකරන්න පුලුවන් විදියක්. අපි fiverr ගැන වෙනම පාඩමක් ලබන සතියෙ ඉදන් පටන් ගන්නව. 



මේ හැර තවත් ක්‍රම ගැනත් වැඩි දුර ඉගෙන ගන්න අපි මේ දීල ලින්ක් එකට click කරන්න. ඔයාගෙ course එක එක කරන සර්ල හරහා මේව ගැන වැඩි දුර ඉගෙන ගන්න පුලුවන්.






වැදගත්ම දේ ඔයා මේ ගැන උනන්දුවෙලා, හොයල බලල මේවට අතතියන එකයි. Phone එකෙන් වැඩේ පටන් ගන්න පුලුවන්. ඔයාට facebook ගිණුම් කීපයක් තියනවනම්, watsapp / viber ලොකු contact ගණනක් තියනවනම් මේ වැඩේ තවත් ලේසි වෙයි. උත්සහ කරල බලමු. 




article by : Pavithra Chathuranga (Senior lecturer Western, Wayamba D-tec) 

Monday, April 6, 2020

ඔයාගෙ හඩින් පාඩමක් ළමයිට යවමු.


ඔයාගෙ හඩක් phone එකෙන් පටිගත කරගන්න පුලුවන්නම් වැඩේ ගොඩ. මේකට විශේෂ අමුතු phone එකක් ඕන් නෑ. විශේෂ app එකක් ඕන් නෑ. හැබැයි අපේ software එකට හඩ පටිය දාගන්නන්ම් ඒක .mp3 විදියට තියෙන්න ඕන.

මෙන්න දැනට මතුවන ප්‍රශ්න,

1. කොහොමද හඩ පටය clip එක .mp3 ද කියල දැනගන්නෙ.

හඩ පටය data cable එකෙන් පරිගණකයට දා ගන්න. ඊට පස්සෙ ඒ clip එකට right click කරන්න. ඒකෙන් බලාගන්න පුලුවන් file එකේ extension එක. ඒක mp3 නම් වැඩේ හරි.

2. බලද්දි mp3 නෙමේනෙ,

එහෙනම් අපි දෙන්නම් Format Factory කියන software එක. ඒක install කරල run කරන්න. ඔයාගෙ හඩ පටිය  software එකට ඇදල දාගන්න, එතකොටම අහයි convert වෙන්න ඕන file type එක, එතනදි තෝරන්න mp3 කියන type එක.

මෙතනින් format factory බාගත කරගන්න.




හරි දැන් හඩ පටය mp3 වෙලා තියෙන්නෙ. දැන් බලමු හඩ පටය කපන කොටන විදිය, පසුබිමට සිංදුවක් දා ගන්න විදිය.

අපි දෙන්නම් තව software එකක්, නම Acoustica MP3 Audio Mixer. මේක install කරගන්න. හැබැයි මේකට serial number එකක් ඉල්ලනව. ඒක අපි දෙන්නම්, 

Serial Number : 3655104

මෙතනින් Acoustica භාගත කරගන්න.


ඉල්ලන තැනට මේ අංකය දෙන්න. වැඩේ හරි. දැන් ඔයාගෙ mp3 හඩ පටය මේ software එකට ඇදල දාන්න.

ඔන්න දැන් මතුවන ගැටලු,
1. කොහොමද මැද්දෙන් කපන්නෙ, වෙන් කරන්නෙ.
ඔයාගෙ clip එක, එක track එකකට ඇදල දා ගන්න. පස්සෙ කපාගන්න ඕන තැනින් උඩට (උඩ tack එකට) Double click කරල පහල ඔයාගෙ හඩ පටය තියන track එකට අදින්න.


*මං හිතන්නෙ මේක කරද්දිනම් අපෙන් සජීවී උපදෙසක් ඕන වෙයි, call එකක් දෙන්න.
එහෙම හඩ පටය උඩට ඇදල පොඩ්ඩක් ඉස්සරහට වෙන්නත් ඇදල > Delete ඔබන්න. දැන් එක දිගට තිබ්බ හඩ පටය දෙකට කැපිල ඇති.

මෙහෙම තැනින් තැන කපල ඕන ටික ඉතුරු කරගන්න.

දැන් බලමු ඕන තැනින් සද්දෙ අඩු, වැඩි කරගන්නෙ කියල.

ඔයාගෙ track එකේ මැද්දෙ දිගටම ඉරක් තියනව නේද. අන්න ඒ ඉර ලගට mouse point එක අරන් ගිහියාම මැජික් පොල්ලක්, අන්න ඒක අර ඉර උඩට ගිහින් click කරන්න. දැන් ඒ ඉරේ point එකක් කැඩුන. එහෙම තව ඉස්සරහින් point එකක් කඩල ඒක පහලට අදින්න. දැන් උඩ play button එක press කරල බලන්න පලමු pont එකේ ඉදන් පහලට ඇදපු point එක ලගට එද්දි සද්දෙ ගානට අඩු වෙයි.



එහෙම සද්දෙ අඩු උන තැනින් පහල track එකක තියන සිංදුවක් සද්දෙ වැඩි වෙන විදියට හදන්න. ඔයාට දැන් රේඩියෝ ad එකක් මතක් වෙයි.



ඔහොම හදල, සිංදු දාල එහෙම clip එක දිගට හදාගන්න. අවසානයේ උඩම File > Save As > .mp3 යන්න. එතනින් නමක් දීල එහ්ව්ම කරපු වැඩේ save කරන්න. *තව window එකක් එයි, එකෙන් quality එක උපරිම කරල Ok කරන්න.



දැන් ඔයාගෙ clip එක save කරපු තැනින් අහල බලන්න. ඒක massenger, watsapp වලින් ළමයිට යවන්න.

නිකම්ම හඩපටය යවනවට වඩා හොදයි නේද Blog එකක් ම හදල ලස්සනට වැඩේ කරගෙන ගියොත්. එහෙනම් කලින් අපේ ලිපිය මෙතනින් බලන්න.




ප්‍රශ්න ආවොත් කතා කරන්න, 0775832920  071 8565279


COMPUTER Academy :: 2020

Sunday, April 5, 2020

තමන්ගෙ පාඩම් කොටස් දරුවන්ට ලබා දෙන්නෙ කොහොමද


අපේ ගුරුවරු සෙට් එකට මේ ටිකෙ තියන ගැටලුවක් තමා තමන්ගෙ පාඩම් කොටස් දරුවන්ට ලබා දෙන්නෙ කොහොමද, ලමයි ටික එක්ක සම්බන්දතාවය අකණ්ඩව තියන් ඔවුන්ගෙ අධ්‍යාපන කටයුතු වලට සහයක් දෙන ආකාරය.

මේකට පොඩි පිලිතුරක් අපි යෝජනා කරනව. දැන්ම පටන් ගත්තොත් තව ඉස්සරහට ලොකු ව්‍යාපෘතියක් ලෙසට මේ වැඩේ කරගෙන යන්න පුලුවන්. අපේ ගොඩක් අය මේ ගැන අහන නිසාමයි මේ ලිපිය ලියන්නෙ.
ඔයා වැඩේ පටන් ගන්න, වීඩියෝ හදන්න, ඒව youtube දාන්න, ළමයිගෙ numbers තියන නිසා watsapp හරි සාමාන්‍ය msg භාවිතා කරල තම්ගෙ portal එකට ළමයිව සම්බන්ද කරගන්න.

1. ඉස්සල්ලම blog එකක් හදාගන්න. ඒකට phone එකට වඩා lap එක හරි Desktop පරිගණකය පාවිච්චි කලානම් හොදයි.



2. ඒකෙන් ඔයාගෙ පලවෙනි පාඩම, ලමයිට යවන ඇගයීම post එකක් විදියට හදන්න. සිංහලෙන් ගහන්න ඕන ටික phone එකෙන් හෙලකුරු දාන් ගහල ඔයාටම mail එකක් දාගන්න. ඒ text එක අරන් රූප එහෙමත් දාල article එක ලස්සනට හදන්න. ඔයාගෙ note ඕනනම් කොලේක ලියල photo එකක් ගහල data cable එකෙන් පරිගනකයට දාල article එකට එකතු කරගන්න.



3. ඊට පස්සෙ article එක post කරන්න. ලෝකෙටම දැන් ඒක පේනව. හැබැයි ලමයි ටික bolg එකේ දාපු post එකේ link එක දැනගන්න ඕන😀



4. Link එක උඩින් copy කරන්න. ඒක යවන්න එපා දිග වැඩි නිසා. Google එකට ගිහින් url soter එකකින් උදවු ගන්න. මෙන්න මේ link එකෙන් යන්නකො,



5. කොට කරගත්ත line එක ළමයිට යවන්න. Watsapp හරි txt msg භාවිතා කරල ඔයාගෙ ලිපිය ප්‍රවර්ධනය කරන්න.

6. මෙහෙම දවස් දෙකෙන් දෙකට පාඩම්, ඇගයීම්, ප්‍රශ්න පත්‍ර යවන්න. වීඩියෝ එකක් උනත් මේ blog post එකට දාන්න පුලුවන්.

7. ළමය link එකට click කලාම එයාගෙ phone එකට කෙලින්ම ඔයාගෙ paper එක download වෙනව, මරු 😁


ඒක මෙහෙමයි හදන්නෙ....
ඔයා ගාව හදපු papers එහෙම තියනවනම් ඒව pdf කරන්න. ඊට පස්සෙ FTP සේවාවක සහය ගන්න 😂, ඉන්න කියල දෙන්නම්...



ඔයාගෙ phone එකේ playstore යන්න. MediaFire කියල ගහන්න. පොඩි app එකක් බාගත වෙයි. පොඩි විස්තර ටිකක් අහයි බය නැතුව දෙන්න. ඔයාගෙ pdf එක ඒකට upload කරන්න. ඒක share කරන option එකඑන් Copy Link දෙන්න. ඒ link එක අර වගේම sort කරන් ලමයට යවන්න.



*නිකම්ම යවන්න එපා, ඒ ලින්ක් එක blog එකේ article එකකට දීල ලස්සනට හදල යවන්න.

8. Blog එක හදද්දි ලස්සනට නිර්මාශීලීව හදන්න. ලමයි කවදාවත් miss කරන එකක් නෑ. හිතට වදින වදන් ටිකකුත් දාල හදන්න. ලමයිට කරන්න පොඩි game එකක්, උත්තර එවපුවම තෑග්ගක්, data card එකක්, රු.50 card එකක් යවන වගේ වැඩසටහනක් දාගත්තනම් පංතියෙ ලමයි මෙනේ එයාලගෙ යාලුවො ටිකත් set වෙයි වැඩේට.



*තෑගි දෙන්නෙ ආපහු පංති පටංගත්තම. 🔥තවත් මෙවැවි ජිල්ගුංඩු point ඕන්නම් නිං බෑ, අපිටත් සලන්න... ඕන තරම්දෙන්නම් 🤐

9. Blog එකෙන් හදන article එක එයාලගෙ phone එකේ ලස්සනට පෙනෙයි. ඔයාගෙ ad එකක් එහෙමත් පොඩියට හදල දාන්න. මොකද මේ වැඩේ ඉස්සහටම නැගලම යනව, sure.

මතක තියාගන්න youtube යන්න ලමයිට මෙවලෙ data නෑ. අනික ඔයාගෙ notes, pdf paper ලමයිට වටීවි. ඕන්නම් ඉතින් ඔයාගෙ හඩින්ම පොඩි voice track එකක් (ළමයි මේ කියන ටික අහගන්න, මේ ටික මගෙ හඩින්ම අහල පාඩම් කරගන්න. මේව තමා වැදගත්ම... 😁)

ඔයාගෙ phone එකෙන්ම record කරන්න. Mp3 එක අර කලින් කියපු MideaFire එකට දාල link එක පාඩමේ මැදට දාන්න.

For a sample >>> https://bit.ly/2x39J3a



10. අන්තිම point එක. ඔයා මේ වැඩේ අදම පටන් ගන්න. ලොකු වැඩක ආරම්භයක් වෙයි. Artwork හදද්දි පොඩිවට හඩවන්න. Download බොත්තම් එහෙම google එකෙන් ගන්න.




Article By : Pavithra Chathuranga COMPUTER Academy ~ 2020

Friday, October 11, 2019

GIT අත්වැල

GIT විභාගය සදහා පෙර පුහුණුවක් ලබා ගැනීමට අදාල මෘදුකාංගය බාගත කර ගැනීම සදහා,

මෙම මෘදුකාංගය Windows මෙහෙයුම පද්ධතිය මත දිවෙන අතර පරිගණකයේ ක්‍රියාත්මක කරන්න.

පසුගිය ප්‍රශ්න පත්‍ර සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර බාගත කර ගැනීම සදහා,

පාඩම් සටහන් බාගත කර ගැනීම සදහා,

---------------------------------------------------------------------

MS Word මෘද්‍රණ සැකසුම් සිදු කිරීමේදී පහත පියවර අනුගමනය කරන්න. 

For Course Details & Job Bank Registration : CLICK HERE

Thursday, October 3, 2019

MS Word අත්වැල


MS Word 2010 අතුරුමුහුණත භාගත කර ගන්න (Download MS Word 2010 Interface Screenshot)




MS Word 2010 (Print list 2019 2nd intake)

1. බල්ලන්ගෙන් ප්‍රවේශම් වන්න
2. නිවසක් විකිණීමට ඇත
3. සිංහල රාජකාරී ලිපිය
4. ඉංග්‍රීසි ලිපිය (නිදහස්)
5. Q5 වගුව
6. Q6 වගුව
7. ආධාර වගුව
8. ජීව දත්ත පත්‍රිකාව Q7
9. ජීව දත්ත පත්‍රිකාව Q22
10. ලිපි ශීර්ෂය
11. බෝතල් ලේබල් 20
12. බල පිහිටුම් රූපය
13. කප්පි රූපය
14. පෘෂ්ඨ වර්ගපලය රූපය
15. Toilet notice
16. අයදුම් පත්‍රය Q21
17. CD ලේබලය
18. බහුවරණ ප්‍රශ්න පත්‍රය



විභාග අයදුම්පත් නිකුත් කිරීම ඔක්තෝම්බර් 5 සිට 
(Gampaha, Wayamba Centers)

D-tec පාඨමාලාවේ පලමු කාර්තුවේ විභාගය ඔක්තෝබර් මස 22-28 දින වලදී පැවැත්වෙන අතර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 8කදී විභාගය පැවැත්වේ.
විභාග අයදුම්පත්‍රය අදාල ආයතනයෙන් ලබාගෙන පුරවා විභාග දිනට දින 03 ක් කලින්,
  1. ජාතික හැදුනුම්පතේ පිටපතක්
  2. වර්ණ චායාරූපය 02 ක්
  3. රු.15 තැපැල් මුද්දර 02 ක්
  4. විභාග ගාස්තුව සමග භාර දෙන්න.

D-Tec පාඨමාලාවේ විභාගය අදියර දෙකකින් පැවැත්වෙන අතර පලමු විභාගය සදහා පිටු 40 ව්‍යාපෘතිය ඉදිරිපත් කල යුතුය.



රැකියා සදහා Merit Job Bank හි පූර්ව ලියාපදිංචි නම්
(Job Bank Application Call)


  • 2018-2019 වර්ෂ වල උසස් පෙල විභාගයට මුහුණ දුන්
  • D-tec පරිගණක පාඨමාලාව හදාරන
  • සැප්තැම්බර් මස මූලික අයදුම්පත්‍රය පිරවූ

අයෙක්නම් පහත link එක මගින් ජීව දත්ත පත්‍රිකාවේ ආකෘතිය Download කොට පුරවා 2019-10-25 දිනට ප්‍රාථම පාඨමාලාව හදාරන ආයතනයේ කාර්යාලයට භාර දෙන්න.


ඔබගේ ජාතික හැදුනුම්පතේ පිටපතක් ලබා නුදුන්නේනම් මෙම පත්‍රිකාව සමග ලබා දෙන්න.


GIT සිද්ධාන්ත සටහන් පෙලක් ලබන සෙනසුරාදා දින පල වේ.

Friday, August 23, 2019

Fiverr සමගින් වැඩේ ආරම්භ කරමු

කුසපත් අදිනු ලබන තරගයට සම්බන්ධ වීමට පහලට යන්න.
--- Lesson 01 ----

Fiverr යනු ඩිජිටල් සේවා සඳහා ලොව විශාලතම වෙළඳපොලයි. එබැවින්, ඔබට දක්ෂතාවයක් තිබේ නම්, ඔබට එම කුසලතාව ඔබේ ප්‍රජාව සමඟ බෙදා ගත හැකි අතර ඔබ එහි සිටින විට මුදල් උපයන්න.



ඔබ ග්‍රැෆික් නිර්මාණකරුවෙකු, ක්‍රමලේඛකයෙකු, අන්තර්ගත ලේඛකයෙකු, පරිවර්තකයෙකු හෝ වොයිස් ඕවර් චිත්‍ර ශිල්පියෙකු වේවා, Fiverr ඔබට ස්ථානයක් ඇත. ඔන්ලයින් නිදහස් සේවකයෙකු ලෙස ඔබේ වෘත්තිය වර්ධනය කර ගන්නේ කෙසේදැයි දැන ගැනීමට ඔබට අවශ්‍යද?



පහත දැක්වෙන්නේ ඔබට Fiverr හි සරලවම හදුනාගතයුතු මූලික පියවර කීපයකි.


1. Creating Your Seller Profile

2. Creating Your Gig

3. Offering Packages

4. Upselling - Monetizing Your Gig

5. Sending Custom Offers/Buyer Requests


අන්තර්ජාලය මගින් මිලියන ගණනක් තම වෘත්තීන් වර්ධනය කර ගැනීමටත්, ඔවුන්ගේ කාලසටහන් පාලනය කිරීමටත්, Fiverr සමඟ වඩා හොඳ ජීවිත ගත කිරීමටත් බලවත්, දක්ෂ නිදහස් සේවකයින් බොහෝ දෙනෙකුට මඟ පෙන්වන බව රහසක් නොවේ.




Fiverr හි ඔබේ ව්‍යාපාරය වර්ධනය කිරීමේදී මෙම තරඟය ඔබේ තේරීම විය යුත්තේ එබැවිනි. Fiverr ක්‍රියා කරන්නේ කෙසේද, Gig Images, සාර්ථක ගනුදෙනුකරුවන් හරහා ඔබේ Gigs නිර්මාණය කිරීම, සහ ව්‍යාපෘති සාර්ථකව කළමනාකරණය කිරීම සහ බෙදා හැරීම, සහ තවත් බොහෝ දේ - අප සුපිරි උපක්‍රම හැරවීමෙන් සාර්ථක නිදහස් සේවකයෙකුගේ ජීවිතය ගත කළ හැකිය.



Next Lesson 02 :: HOW TO MAKE A Profile & GIG 




කුසපත් අදිනු ලබන තරගයට සම්බන්ධ වීමට කරන්න.

comment තෝරන්න, ඉන් පසුව ඔබ පාඨමාලාවට සම්බන්ධ වන ආයතනයේ නම සටහන් කොට
ඔබේ නම සහ email ලිපිනය සටහන් කොට submit කරන්න. 

Earn by teaching languages

internet එක හරහා ඔයාට මුදල් උපයන්න පුලුවන් තවත් සාර්තක ක්‍රමයක් තමයි teaching languages කියන්නේ. ඉතින් මේ සදහා වෙන් වුන web sites බොහෝමයක් තියෙනවා. ඒ අතරින් තවත් recommended web site එකක් ගැන තමයි අද කතා කරන්න හිතුවේ.


මේ site එකේ නම තමයි learnlight . ඔයාට මේ එකේ free register වෙන්න පුලුවන්. පහලින් ඔයාට පේන්නේ මේ site එකේ interface එක.
ඉතින් මේ වැඩෙන් ඔයාට එක පැයකට dollar 15ක මුදලක් උපයන්න පුලුවන්.කොහොමද මේක කරන්නේ?
මෙතනදි ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ student එක්ක skype මගින් හෝ වෙනත් ඕනෑම video platform එකක් යුස් කරලා video conference එකක් කරන එක. ඉතින් ඔයාට මෙතනදි teach කරනවා කියලා කරන්න තියෙන්නේ student එක්ක chat කරන එක තමයි. අපි හිතමු ඔයාට සිංහල ඉංග්‍රීසි හැර වෙනත් language එකක් කතා කරන්න බැහැ කියලා. ඒත් ඔයාට මේ වැඩේ කරන්න පුලුවන් ඒ තමයි ඔයාට පොඩ්ඩ්ක් හරි english කතා කරන්න පුලුවන් නම් ඔයාට මේක කරන්න පුලුවන්. මොකද english නොදන්න වෙනත් රටවල මිනිස්සු ඕන තරම් ඉන්නවා. උදාහරණයක් විදියට ඔයාට Chinese student කෙනෙක්ට english උගන්නන්න් පුලුවන්
ඉතින් මෙතනදි වෙන්නේ මේකයි. ඔයා මේ වැඩේට කැමතී නම් ඔයාට අදම මේ site එකේ register වෙන්න පුලුවන්. අපි ඊලග post එක හරහා learnlight site එකේ register උනාට පස්සේ කොහොමද language teach කරලා මුදල් උපයන්නේ කියන එක බලමු.

June Resources Set

  මෙම මස Passcode එක : 3478 පැය 06 ක් තුල ඔබ අනිවාර්යයෙන් Submit කළ යුතු පෝරමය (මෙහි ඔබ D-tec සමූහයේ රැදී සිටින ජංගම දුරකතන අංකය නිවර්දිවම ල...