Affiliate Marketing ගැන මේ වෙද්දි internet jobs කරන බොහෝ දෙනා අතරේ වැඩි කතා බහක් තියෙනවා. ඉතින් මේකට හේතුව තමයි මේ වැඩේ හරියට අල්ලගතොත් internet එක හරහා හිතාගන්න බැරි තරම් මුදලක් උපයන්න පුලුවන් වීම. affiliate marketing වලටම වෙන් වෙච්ච web sites කීපයක් ගැනමඔයාලට මීට කලින් post වලදී කියලා දුන්නා.
ඉතින් අද කතා කරන්න යන්නේ warrior+plusuh site එක ගැන. කොටින්ම මේක affiliate marketing වලට වුන ගොඩක් ප්‍රසිද්දි web site එකක්. ඉතින් warrior+plus හරහා affiliate marketing කරන විදිය අපි එකින් එක බලමු. first step එක විදියට ඔයා මේ site එකට ගිහින් register වෙන්න ඕන.
ඊට පස්සේ ඔයාගේ email එක verify කරාට පස්සේ ඔයාට මේ site එකට login වෙන්න පුලුවන්. ඊට පස්සේ ඔයාට navigation bar එකේ තියෙන affiliate setting යටතේ තියෙන get link option එක click කරාම පහලින් තියෙන interface එක බලාගන්න පුලුවන්. මෙතනදි ඔයාට විවිද digital products list එකක්ම තියෙනවා පේනවා ඇති. ඔයාට කරන්න තියෙන්නේ ඔයා කැමති product එකක් select කරගෙන ඒ product එක click කරලා එයාලගේ sales page එකට වගේම JV page එකට ගිහින් product එක ගැන හොදට study කරන්න.

ඊට පස්සේ ඔයාට හිතුනොත් මේක customersලා සාමන්යෙන් ගන්න පෙලබේන විදියේ product එකක් වගේම ඔයාට මේක promote කරන්නත් පුලුවන් කියලා හිතුනොත් ඔයාට කරන්න තියෙන්නේ, digital product එක view කරාම එන interface එකේ තියෙන Request Approval කියන button එක click කරලා, ඔයා මේ product එක promote කරන්න කැමති කියලා vendorට request note එකක් යවන්න ඕන.

ඉතින් මෙන්න මේක තමයි warrior+plus වල තියෙන අමරු වැඩේ. මොකද මේ approval එක ලෙසියෙන් හම්බෙන්නේ නැහැ. කොහොම හරි ඔයාට approval එක හම්බුනොත් ඊට පස්සේ ඔයාට product එකේ affiliate link එක ගන්න පුලුවන්. ඊට පස්සේ ඉතින් සාමානය විදියට link එක share කරලා ඒ link එකෙන් කවුරු හරි මේ product එක buy කරාම ඔයාට ඊට අදාල commission එක ලැබෙනවා.
ඉතින් මේක තමයි warrior+plus හරහා වෙන්නේ. Affiliate marketing කියන්නේ ටිකක් මහන්සි වෙලා කරන්න ඕන දෙයක් උනත් ඔයාට ඒ මහන්සියට හරියන්න සැහෙන්න මුදලක් හොයන්න පුලුවන් බවත් මම කියන්නම ඕන. ඉතින් ට්‍රයි එකක් දීලා බලන්න.
No comments:
Post a Comment