
internet එක හරහා මුදල් උපයන්න පුලුවන් TestingTime site එක ගැන ඔයාලට post එකේදි පැහැදිලි කරා. ඉතින් මේ site එක හරහා වෙන්නේ මොකදද? සහ ඔයාට මෙතනදි මොකද්ද කරන්න තියෙන්නේ කියලා මම ඔයාලට කලින් post එකේදි කිව්වා.
ඉතින් මේ වැඩේ පියවරෙන් පියවර කරන විදිය බලමු.
ඉස්සේල්ලම ඔයා මේ link (https://www.testingtime.com/en/become-a-paid-testuser/) එකෙන් ගිහින් TestingTime site එකේ tester එකෙන් විදියට register වෙන්න ඕන. එතනදි ඔයාට steps 3ක් complete කරලා register වෙන්න පුලුවන්. ඔයාගේ නම, email එක මේ වගේ විස්තර දුන්නට පස්සේ අන්තිමට ඔයාගේ higher education එක, position එක, සහ ඔයා යුස් කරන devices මොනවද කියලත් මෙතනදි අහනවා.
පහලින් පේන්නේ ඔයාගේ TestingTime site එකේ registration procedure වෙන විදිය.

ඊට පස්සේ මෙතනදි ඔයාගේ phone number එක සහ Skype ID එක දෙන්න ඕන. මෙන්න මේක තමයි වැදගත්ම කතාව. මෙතනදි Skype call හරහා තමයි moderatorsලා ඔයත් එක්ක සම්බන්ද වෙන්නේ කියලා මම කිව්වා.
ඉතින් ඔයාට phone එකට එහෙම නැත්තම් laptop එකට skype දාගෙන තියගන්න වෙනවා ඊට පස්සේ ඔයාගේ Skype ID එක මෙතනදි දුන්නම වැඩේ හරි.
ඒ වගේම ඔයාගේ photo එකක් මෙතනට upload කරන්න ඕන. මේක ගොඩක් වැදගත් මොකද ඔයා test එකකට apply කරාම, ඒ customer ඔයාට skype හරහා call කරනවා. එතනදි එයාට ඔයාව අදුරගන්න නම් ඔයාගේ ඇත්තම photo එකක් මෙතනට upload කරලා තියෙන්න ඕන. මෙතනදි ඔයා වෙන කාගෙවත් photo එකක් මෙතනට දාලා හරි යන්නේ නැහැ. මොකද ඔයාට මේ සල්ලි ගන්න නම් skype හරහා video conversation එකකට යන්න වෙන නිසා customerට ඔයාව අදුරගන්න පුලුවන් වෙන්න ඕන.
දැන් වැඩේ හරි. ඔයාට දැන් කරන්න තියෙන්නේ tests වලට apply කරන්න විතරයි. ඊට පස්සේ skype හරහා customer ඔයාට call කරනවා. ඔයාට එයා කියන විදියට web sites, apps වලට ගිහින්, ඒ ගැන එයා ඔයාගෙන් අහන දේවල් වලට උත්තර දීලා අදාල මුදල ඔයාගේ කරගන්න පුලුවන්.
skype හරහා මේ වැඩේ කරන්න තිබුනට මේක ලොකු දෙයක් නෙවෙයි. ඉතින් ට්‍රයි කරලා බලන්න.
No comments:
Post a Comment