
drop shipping කියන්නේ මොකද්ද කියන එක ගැන වගේම? shopify හරහා කොහොමද drop shipping කරන්නේ කියන එක ගැනත් අපි internetjobs.io හරහා ඔයාලට කිව්වා. ඉතින් ඔයා අපේ site එකට ආවේ අදම නම්, ඔයාට drop shipping ගැන අපි මීට කලින් ලියපු post කියවලා බලන්න පුලුවන්. මොකද මම ඒ දේවල් ගැන මීට කලින් කියපු නිසා අද ඒ ගැන නැවත පැහැදිලි කරන්න යන්නේ නැහැ.
අද මම ඔයාලට shopify හරහා drop shipping කරන විදිය step-by-step පැහැදිලි කරන්න හිතුවා.- ඉස්සෙල්ලම ඔයා shopify site එකේ register වෙන්න ඕන. පහලින් ඔයාට පේන්නේ shopify site එකේ interface එක.

- ඊට පස්සේ Get started කියන button එක click කරලා, ඔයාගේ email එකයි, ඔයා කැමති password එකකුයි දීලා, ඔයාගේ store එකට name එකක් දෙන්න ඕන. මෙතනදි අඩුම 4 characters වලින් යුත් නමක් දිය යුතුයි.
- ඊට පස්සේ ඔයාගේ විස්තර ටිකක් මෙතනදි අහනවා. ඒ විස්තර නිවැරදිව දීලා ඔයාට මේකේ register වෙන්න පුලුවන්. ඉතින් මේ විදියට register උනාම ඔයාට දවස් 14ක free trial එකක් ලැබෙනවා.
- දැන් ඔයාට ඔයා දීපු නමින් ඔයාගේ shopify store එක display වෙනවා පෙනවා ඇති.
- දැන් ඔයාට කරන්න තියෙන්නේ පහල screen shot එකේ තියෙන විදියට, Add product කියන button එක click කරලා ඔයා aliexpress වගේ stores වලින් select කරපු products ඔයාගේ shopify store එකේ publish කරන එක විතරයි.
ඉතින් මෙතනදි ali express site එකේ ඔයා select කරපු product එකේ images ඔයාට එහෙම්ම copy කරලා මෙතනට paste කරන්න පුලුවන්. ඒ වගේම ඔයා කැමති high price එකක් set කරන්නත් ඔයාට පුලුවන්. ඉහලින් තියෙන screen shot එකේ ඔයාට පේනවා ඇති කියලා select a plan කියලා button එකක්, ඉතින් ඔයාට මේක click කරලා ගිහින් ඔයාගේ free trial එක ඉවර උනාම, shopify site එකට payment කරන්න ඕන plan එක select කරගන්න පුලුවන්. ඉතින් ඔයා basic plan එකකට යනවා නම් ඔයාට monthly dollar 29ක් ද, shopify plan එකට dollar 79 ද, advance shopify plan එකට dollar 299ක් ගෙවන්න වෙනවා. ඔයාට ආරම්බයේදි basic shopify plan එකකින් මේ වැඩේ පටන් ගන්න පුලුවන්. ඔයාට shopify site එක හරහා online store එකක් create කරගන්න විදිය ගැන ලොකු අවබෝදයක් එන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයා create කරපු shopify online store එක හරහා කොහොමද products promote කරන්නේ කියන එක ගැනත් අපි ඉදිරියේදි කතා කරමු. ඉතින් ඔයාත් drop shipping කරලා සෑහෙන්න මුදලක් උපයන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම්, අදම shopify හරහා ඔයාගේ online store එක create කරගන්න.
No comments:
Post a Comment