ඔයත් පුරුද්දක් විදියට trip එකක් ගියාම photos ගහන්න වගේම selfie ගහන්න කැමති කෙනෙක් ද? අද post එක ඔයාගේ snapshots වලින් internet එක හරහා මුදල් උපයන ක්‍රම ගැන.
ඔයාට මේ වැඩේට කරන්න පුලුවන් web sites දෙකක් ගැන අද කතා කරන්න හිතුවා. ඒ අතරින් එක site එකක් තමයි fotolio කියන්නේ. ඇත්තටම මේක adobe web site එකක්. ඉතින් ඔයාට පහලින් පේන්න තියෙන්නේ fotolio site interface එක. මේ හරහා මුදල් උපයන්නේ කොහොමද කියලා බලමු.

first step – එක විදියට ඔයා මේකේ register වෙන්න ඕන. ඒකට ඉහලින් පේන්න තියෙන sell images කියන button එකෙන් ගිහින් ඔයාට sign in වෙන්න පුලුවන්. ඊට පස්සේ ඔයාගේ email එක confirm කරාට පස්සේ ඔයාට fotolio site එකට login වෙලා මේ වැඩේ පටන් ගන්න පුලුවන්. මෙතනදි වැදගත්ම දේ තමයි ඔයාට high quality images විතරයි මේක හරහා විකුණන්න පුලුවන් කම තියෙන්නේ.
දෙවනි site එක තමයි 123RF කියන්නේ. මේ හරහා ඔයාට කරන්න තියෙන්නෙත් ඔයා ගාව තියෙන high quality images විකුණලා මුදල් උපයන එක තමයි.

මේ වැඩේට ඔයා 123RF site එකේ පහලින් තියෙන for contributors කියන setting එක යටතේ sell content කියන option එකෙන් ගිහින් content contributor කෙනෙක් විදියට register වෙන්න ඕන.
ඊට පස්සේ ඔයාට ඔයාගේ photos, vectors සහ videos කියන ඕනම එකක් මේ site එක හරහා විකුණන්න chance එක තියෙනවා. මෙතනදි ඔයාට කරන්න තියෙන්නේ ඔයා ලග තියෙන high quality images ඒ කියන්නේ resolution එක වැඩි images මේ site එකට upload කරන එක විතරයි. ඉතින් කවුරුහරි ඔයා upload කරපු image එක download කරගත්තොත් ඔයාට 60%ක commission එකක් ලැබෙනවා.
ඒ වගේම ඔයා මෙතනදි උපයන මුදල් ඔයාට paypal, payoneer වගේම skrill කියන ඕනම එකක් හරහා ගෙන්නගන්න පුලුවන්.
ඉතින් මේ web site දෙකම recommended site දෙකක් වගේම, user friendly web sites දෙකක්. ඉතින් ඔයාට මේ හරහා ඔයා ලග තියෙන images විකුණලා අමතර ආදායමක් උපයන්න පුලුවන්.

No comments:
Post a Comment