
අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් මිලියන ගනනක් වෙබ් අඩවි අතරින්, බොහොම ලේසියෙන් මුදල් උපයන්න පුලුවන් වෙනස්ම විදියේ web site එකක් ගැන තමයි අද මම ඔයාලට කියන්න යන්නේ.
ඉතින් අන්තර්ජාලය හරහා මුදල් උපයන එක ඒ තරම් අමාරු ඉලක්කයක් නෙවෙයි කියලා ඔයාට මේ post එක අවසානයේදි හිතෙයි. හැබැයි ඉතින් ඔයාට මේ site එක හරහා පෝසත් වෙන්න නම් බැහැ. ඒ කියන්නේ ඔයාට මේ site එකේ වැඩ කරලා extra income එකක් හොයාගන්න පුලුවන්. එහෙම නැතුව ඔයාට මේක full time job එකක් විදියට හරි යන්නේ නැහැ.
මේ එකේ නම තමයි Emotion Miner. මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? කොහොමද මේ site එක හරහා මුදල් උපයන්නේ? මෙන්න මේ හැම දෙයක් ගැනම අපි කතා කරමු.

ඉස්සෙල්ලම මේ site එක හරහා වෙන්නේ මොකද්ද කියන එක මම පැහැදිලි කරන්නම්. මෙතනදි වෙන්නේ, මේ site එකේ video conversations විවිද විශාල ප්‍රමාණයක් තියෙනවා. ඔයාට කරන්න තියෙන්නේ මේ site එකේ register වෙලා, මේ video conversations බලලා, ඊට පස්සේ එක් එක් video එක පුරාවට මොන වගේ emotion එකක් ද පෙන්නුම් කරන්නේ කියන එක select කරන්න විතරයි.
ඇත්තටම මෙතනදි හැම වීඩියෝ එකකටම පහලින් විවිද emotions වල නම් boxes වල දාල තියෙනවා. ඔයාට කරන්න තියෙන්නේ හරි එක select කරන එක විතරයි. පහලින් ඔයාට පේන්නේ මේකට උදාහරනයක්,

ඉතින් ඔයාට මේ හරහා dollar 70ක් දක්වා උපයන්න පුලුවන්.
සමහරවිට දැන් ඔයාටම මෙහෙම ප්‍රශ්නයක් ඇති. ඇයි මේ වගේ බොහොම ලේසියෙන් කරන්න පුලුවන් දේකට, මේ site එකෙන් අපිට මුදල් ගෙවන්නේ කියන එක.
මේකට හේතුව තමයි, මිනිස්සුන්ට තවකෙනෙක්ගේ emotions හදුන ගන්න පුලුවන් උනාට, artificial intelligenceලට human emotions හදුන ගන්න බැහැ. ඉතින් ඔයා මෙතනදි කරන්නේ artificial intelligenceලට එකේක human emotions අදුරගන්න උදව් කරන එක. ඒ කියන්නේ happiness, sadness, pride, angry මේ වගේ විවිද අවස්තාවලදි human emotion එක මෙන්න මේ වගේ කියන එක ඔයා teach කරන එක තමයි මෙතන වෙන්නේ.
ඉතින් වර්තමානය වෙද්දි artificial intelligence කියන මාතෘකාව ගොඩක් ඉස්සරහට ඇවිල්ල තියෙනවා. සාමාන්යෙන් artificial intelligenceලට images එකක් image text පවා අදුරගන්න බැහැ. මෙන්න මේ නිසා තමයි recaptures වලට image text බාවිතා කරන්නේ. නමුත් ඉතින් අනාගතයේදි මේ දේවල් වෙනස් වෙන්න පුලුවන්.
ඉතින් මෙන්න මේක තමයි emotion miner වල කතාව. හරිම සරලයි වගේම් හරිම ලේසි. දැන් ඔයාට මේ site එක හරහා වෙන්නේ මොකද්ද? කියන එක ගැන පැහැදිලි අවබෝදයක් තියෙන්න ඕන.

No comments:
Post a Comment