Wednesday, August 14, 2019

Ask Wonder-part I

internet එක හරහා මාසෙකට සැලකිය යුතු මුදලක් උපයන්න ඔයා කැමති නම්, ඒකට ඔයාට තරමක කැපකිරීමක් වගේම මහන්සියක් දරන්න වෙනවා. ඉතින් internet එක හරහා මුදල් උපයන එක නිකම් ඉදලා කරන්න පුලුවන් magic එකක් වගේ කියලා බොරු කියලා, අපි ඔයාව මේ වැඩේට යොමු කරන්න යන්නේ නැහැ. මොකද ඔයාට මේ හරහා ඇත්තටම මුදල් උපයන්න පුලුවන් වෙන්නේ ඔයාගේ කැපකිරීමත් එක්කම තමයි.

ඉතින් ඔයාට ටිකක් මහන්සි උනොත් මාසෙකට dollar 2000ක් හෝ ඊට වැඩි මුදලක් උපයන්න පුලුවන් web site තමයි askwonder කියන්නේ.
කොහොමද මේ site එක හරහා මුදල් උපයන්නේ?
ඇත්තටම මෙතනදි වෙන්නේ විවිද පුද්ගලයන එයාලට තියෙන විවිද ප්‍රශ්න මේ site එක හරහා publish කරනවා. උදාහරනයක් විදියට කවුරු හරි what is internet? කියලා අහලා තිබ්බා කියමු. ඔයාට කරන්න තියෙන්නේ, ඒ ප්‍රශ්නෙට google හරහා research එකක් කරන්න. ඊට පස්සේ ඔයා ඒ ප්‍රශ්නෙට answer එක text එකක් විදියට ලියන්න ඕන. එතනදි ඔයා google හරහා මොන sites වලින්ද details ගත්තේ කියලා references සදහන් කරමින් හොද විස්තරාත්මක research එකක් ඉදිරිපත් කරන්න ඕන.
ඔයාට askwonder හරහා register වෙලා, ඔයා කැමති ඕනම වෙලාවක, ඔයාගේ free time එකේදි, ඔයා කැමති ඕනම ප්‍රශ්නෙකට answer කරන්න තමයි ඔයාට තියෙන්නේ. ඉතින් මේ වැඩේට ඔයාට හොද English knowledge එකක් තියෙන්න ඕන වගේම ටිකක් විස්තරාත්මක research එකක් කරන්නත් පුලුවන්කම තියෙන්න ඕන.

මෙතනදි ඔයා ටිකක් මහන්ඩිවෙලා research එක කරන්න ඕන කියලා මම කියන්න හේතුව තමයි, question එක publish කරපු කෙනා ඔයාගේ answer එක කියවලා බලලා, එයා ඒකට කැමති නම් තමයි, එයා ඔයාගේ answer එක approve කරන්නේ. ඉතින් ඔයාගේ answer එක poor research එකක් උනොත් ඒක approve වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඔයාගේ research එක poor නම් ඔයාට සල්ලි හම්බෙන්නෙත් නැහැ, ආපහු ඔයාට මේ job එක කරන්න දෙන්නෙත් නැහැ.
ඉතින් මේක තමයි askwonder site එක හරහා මුදල් උපයන විදිය. ඔයාට මේ site එක ගැන පැහැදිලි අවබෝදයක් අවා කියලා හිතනවා. ට්‍රයි කරලා බලන්න. ඊලට post එකෙන් ඔයාට මේකේ research එකක් කරන විදිය ගැන පැහැදිලි කිරීමක් කරන්නම්.

No comments:

Post a Comment

June Resources Set

  මෙම මස Passcode එක : 3478 පැය 06 ක් තුල ඔබ අනිවාර්යයෙන් Submit කළ යුතු පෝරමය (මෙහි ඔබ D-tec සමූහයේ රැදී සිටින ජංගම දුරකතන අංකය නිවර්දිවම ල...