Friday, August 23, 2019

Online Wallet

Internet job site වලින් සල්ලි හොයන ඔයාට වැදගත් වෙන දෙයක් තමයි මේ online wallets කියන්නේ. ඔයා දන්නවනේ online wallets කියන්නේ අපි E money site වලින් වගේ online හොයන සල්ලි තාවකාලිකව තැන්පත් කරගෙන තියාගන්න wallet එකක්. ඇත්තටම wallet  කියන්නේ වෙනම company එකක්. ඒ company එකෙන් තමයි අපිට මේ wallet හඳලා දෙන්නේ. හැබැයි අපි බැංකුවට නැත්තම් තව කෙනෙක්ට සල්ලි යවනවට මෙයාලා අපෙන් ගාණක් ගන්නවා. ඒ වගෙන් තමයි ඒ company හුඟක් සල්ලි හොයන්නේ මේ වගෙන් තමයි. ඉතින් මේ වගේ wallets ගොඩක් තියනවා ඒ වුනාට සල්ලි ගන්න බැරි බොරු wallets එහෙමත් තියනවා. ඉතින් අද ඔයාලට කියන්න යන්නේ ඔයාගේ සල්ලි තාවකාලිකව තැන්පත් කරගෙන තියාගන්න පුළුවන් හොඳම wallet කීපයක් ගැන.

  • පළවෙනි එක තමයි මේ skrill  account එක.
මේ account එක හදාගන්න එක ගැන මම ඔයාට සම්පූර්ණ විස්තරයක් කලින් කියලා දුන්නා. මෙකෙන් අපිට bitcoin, bank account,card payments වගේ දේවල් කරගන්න පුළුවන්. මේකේ අය කරන fee එක අඩුයි. අඩුයි කීවට අඩුමත් නෑ ඉතින්. ඒ වුනාට ඒක හොඳයි මොකද ලංකාවේ අපිට Ez cash වලින් සල්ලි ගන්න පුළුවන් හොඳම accounts තමයි  skrill /netteller    කියන්නේ. netteller කියන්නෙත් skrill account එක අයිති company එකේම තවත් wallet එකක්.
  • දෙවනි එක තමයි paypal කියන්නේ
මේ ගැනත් අපි මීට කළින් account එක හදන තැන ඉඳන් ගොඩක් විස්තර දැන ගත්තා. මේ වෙනකොටත් දන්නවා ලංකාවේ අපිට paypal හරහා මුදල් ලබා ගැනීමේ හැකියාවක් නෑ කියලා. ඒ උනත් අපි ඔයාලට කියලා දුන්නා ලංකාවට support විදිහට මුදල් ලබා ගන්න account එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේ paypal account  එකෙන්  ebay වගේ drop shipping කරන අයට තමයි ගොඩක් හොඳ.
  • තුන්වෙනි එක තමයි payoneer කියන්නේ
ඔයාට payoneer account එකක් හදා ගත්තට පස්සෙ ඔයාට free payoneer card එකකට apply කරන්න පුලුවන්, ඊට පස්සේ UKවල ඉදන් payoneer සමාගමෙන් payoneer card එකක් ඔයාගේ ගෙදරටම එවනවා. මේක ඔයාට ඔයාගේ සාමාන්‍ය ලංකාවෙ bank එකක visa card එකක් විදියට use කරන්න පුලුවන්. මේක පිට රට තියෙන bank account එකක් උනාට ඔයාට මේක හරහා ඔයා internet එකේ හොයන සල්ලි ගෙන්න ගන්න පුලුවන්.
  • අන්තිමට අපි කතා කරන්නේ coinbase  ගැන
මේ wallet එක අනිත් ඒවා වගේ ඊට වඩා ටිකක් වෙනස්. ඒකට හේතුව තමයි crypto currency , bitcoins කරන අයට සල්ලි දාලා තියන්න හොඳම wallet එක වෙන්නේ මේක. ඒකට හේතුව තමයි මේකේ coins වර්ග ගොඩක් තියනවා. හැබැයි මේ ගොල්ලෝ අය කරන ගාන ටිකක් වැඩි වුනත් ආරක්ෂාව අතිනුත් ගොඩක් හොඳ wallet එකක් තමයි මේ coin base කියන්නේ.

No comments:

Post a Comment

June Resources Set

  මෙම මස Passcode එක : 3478 පැය 06 ක් තුල ඔබ අනිවාර්යයෙන් Submit කළ යුතු පෝරමය (මෙහි ඔබ D-tec සමූහයේ රැදී සිටින ජංගම දුරකතන අංකය නිවර්දිවම ල...