Friday, August 23, 2019

Fiverr සමගින් වැඩේ ආරම්භ කරමු

කුසපත් අදිනු ලබන තරගයට සම්බන්ධ වීමට පහලට යන්න.
--- Lesson 01 ----

Fiverr යනු ඩිජිටල් සේවා සඳහා ලොව විශාලතම වෙළඳපොලයි. එබැවින්, ඔබට දක්ෂතාවයක් තිබේ නම්, ඔබට එම කුසලතාව ඔබේ ප්‍රජාව සමඟ බෙදා ගත හැකි අතර ඔබ එහි සිටින විට මුදල් උපයන්න.



ඔබ ග්‍රැෆික් නිර්මාණකරුවෙකු, ක්‍රමලේඛකයෙකු, අන්තර්ගත ලේඛකයෙකු, පරිවර්තකයෙකු හෝ වොයිස් ඕවර් චිත්‍ර ශිල්පියෙකු වේවා, Fiverr ඔබට ස්ථානයක් ඇත. ඔන්ලයින් නිදහස් සේවකයෙකු ලෙස ඔබේ වෘත්තිය වර්ධනය කර ගන්නේ කෙසේදැයි දැන ගැනීමට ඔබට අවශ්‍යද?



පහත දැක්වෙන්නේ ඔබට Fiverr හි සරලවම හදුනාගතයුතු මූලික පියවර කීපයකි.


1. Creating Your Seller Profile

2. Creating Your Gig

3. Offering Packages

4. Upselling - Monetizing Your Gig

5. Sending Custom Offers/Buyer Requests


අන්තර්ජාලය මගින් මිලියන ගණනක් තම වෘත්තීන් වර්ධනය කර ගැනීමටත්, ඔවුන්ගේ කාලසටහන් පාලනය කිරීමටත්, Fiverr සමඟ වඩා හොඳ ජීවිත ගත කිරීමටත් බලවත්, දක්ෂ නිදහස් සේවකයින් බොහෝ දෙනෙකුට මඟ පෙන්වන බව රහසක් නොවේ.




Fiverr හි ඔබේ ව්‍යාපාරය වර්ධනය කිරීමේදී මෙම තරඟය ඔබේ තේරීම විය යුත්තේ එබැවිනි. Fiverr ක්‍රියා කරන්නේ කෙසේද, Gig Images, සාර්ථක ගනුදෙනුකරුවන් හරහා ඔබේ Gigs නිර්මාණය කිරීම, සහ ව්‍යාපෘති සාර්ථකව කළමනාකරණය කිරීම සහ බෙදා හැරීම, සහ තවත් බොහෝ දේ - අප සුපිරි උපක්‍රම හැරවීමෙන් සාර්ථක නිදහස් සේවකයෙකුගේ ජීවිතය ගත කළ හැකිය.



Next Lesson 02 :: HOW TO MAKE A Profile & GIG 




කුසපත් අදිනු ලබන තරගයට සම්බන්ධ වීමට කරන්න.

comment තෝරන්න, ඉන් පසුව ඔබ පාඨමාලාවට සම්බන්ධ වන ආයතනයේ නම සටහන් කොට
ඔබේ නම සහ email ලිපිනය සටහන් කොට submit කරන්න. 

Earn by teaching languages

internet එක හරහා ඔයාට මුදල් උපයන්න පුලුවන් තවත් සාර්තක ක්‍රමයක් තමයි teaching languages කියන්නේ. ඉතින් මේ සදහා වෙන් වුන web sites බොහෝමයක් තියෙනවා. ඒ අතරින් තවත් recommended web site එකක් ගැන තමයි අද කතා කරන්න හිතුවේ.


මේ site එකේ නම තමයි learnlight . ඔයාට මේ එකේ free register වෙන්න පුලුවන්. පහලින් ඔයාට පේන්නේ මේ site එකේ interface එක.
ඉතින් මේ වැඩෙන් ඔයාට එක පැයකට dollar 15ක මුදලක් උපයන්න පුලුවන්.කොහොමද මේක කරන්නේ?
මෙතනදි ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ student එක්ක skype මගින් හෝ වෙනත් ඕනෑම video platform එකක් යුස් කරලා video conference එකක් කරන එක. ඉතින් ඔයාට මෙතනදි teach කරනවා කියලා කරන්න තියෙන්නේ student එක්ක chat කරන එක තමයි. අපි හිතමු ඔයාට සිංහල ඉංග්‍රීසි හැර වෙනත් language එකක් කතා කරන්න බැහැ කියලා. ඒත් ඔයාට මේ වැඩේ කරන්න පුලුවන් ඒ තමයි ඔයාට පොඩ්ඩ්ක් හරි english කතා කරන්න පුලුවන් නම් ඔයාට මේක කරන්න පුලුවන්. මොකද english නොදන්න වෙනත් රටවල මිනිස්සු ඕන තරම් ඉන්නවා. උදාහරණයක් විදියට ඔයාට Chinese student කෙනෙක්ට english උගන්නන්න් පුලුවන්
ඉතින් මෙතනදි වෙන්නේ මේකයි. ඔයා මේ වැඩේට කැමතී නම් ඔයාට අදම මේ site එකේ register වෙන්න පුලුවන්. අපි ඊලග post එක හරහා learnlight site එකේ register උනාට පස්සේ කොහොමද language teach කරලා මුදල් උපයන්නේ කියන එක බලමු.

Emotion Miner – full guidance

Emotion miner කියන්නේ මොකද්ද? කියන එක internetjobs.io කියවන ඔයාලා හැම කෙනෙක්ම දැන් දන්නවා. ඉතින් ඔයාට මේ තොරතුරු මග හැරුනා නම්, එහෙම නැත්තම් ඔයා අපේ site එකට ආවේ අදම නම් ඔයාට මේ link එකෙන් emotion miner ගැන කියවලා දැනගන්න පුලුවන්.
ඉතින් මම emotion miner ගැන සම්පුර්ණ පැහැදිලි කිරීමක් මීට කලින් කරපු නිසා ඒ ගැන නැවත මතක් කරන්න කාලය ගන්නේ නැහැ.

කොහොමද emotion miner හරහා මුදල් උපයන්නේ කියන එක අපි එකෙන් එක බලමු.
  • ඉස්සෙල්ලම ඔයා මේ site එකේ ඉහලින්ම පේන SIGN UP button එකෙන් ගිහින් register වෙන්න ඕන.

ඊට පස්සේ ඔයාට short test එකකට මුහුණ දෙන්න වෙනවා. එතනදි ඔයාට video conversation එකක emotion එක අදුරගන්න වෙගේම, තවත් ප්‍රශ්න කීපයකට උත්තර දෙන්න වෙනවා. ඉතින් මේක බොහොම ලේසි ඔයාට බය වෙන්න දෙයක් නැහැ. ඔයාට බොහොම ලේසියෙන් මේ test එකඑකෙන් pass වෙන්න පුලුවන්.
දැන් වැඩේ හරි. ඔයාට දැන් මේ site එකේ විවිද video conversations publish කරලා තියෙනවා පේනවා ඇති. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ,
  • video එක බලලා, emotion එක අදුරගෙන, පහලින් තියෙන boxes අතරින් video එකේ emotion එකට අදාල හරි box එක select කරන්න.
  • ඊට පස්සේ ඔයාට next video එකට යන්න පුලුවන්. ඉතින් මේ විදියට ඔයාට මේ වැඩේ දිගටම කරගෙන යන්න පුලුවන්.
හැබැයි මෙතනදි ඔයා මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. එක තමයි ඔයා සම්පුර්ණ video එක මුල ඉදන් අගටම බලන්න ඕන. ඒකට හෙතුව තමයි මේ වැඩේ ලේසී කියලා කට්ටියට දැනුන ගමන් එයලා මේක හරි අවදානයෙන් බලන්නේ නැහැ. එහෙම නැත්තම් video එකේ මුල ටික විතරක් බලල emotion එක select කරනවා. ඉතින් මේ වගේ පන්ඩිත වැඩ කරන්න ගිහින් ඔයාගේ account එක මෙයාලා cancel කරන්න ඉඩ තියෙනවා. මොකද ඔයා මේක හරියට කරනවද කියන එක එයාලා detect කරනවා. ඒ නිසා මේ වගේ වැඩේ කරන්න එපා.
ඉතින් ඔයාට මෙතනදි task levels 3ක් තියෙනවා. standard task එකකට dollar 5ක් ද, extended task එකකට  dollar 15ක් වගේම jedi task එකකට dollar 70ක් උපයන්න පුලුවන්. ඒ වගේම ඔයාට task complete කරන්න සති දෙකක කාලයක් ලැබෙනවා.
ඉතින් අවසාන ප්‍රශ්නේ තමයි කොහොමද මෙතනදි උපයන මුදල් ගෙන්නගන්නේ කියන එක? ඔයාට මේක ක්‍රම දෙකකට කරන්න පුලුවන්. එක්කො ඔයාට paypal හරාහා එහෙම නැත්තම් payoneer හරහා මේ මුදල් ගෙන්නගන්න පුලුවන්. ඉතින් මම recommend කරන්නේ paypal. මෙතනදි ඔයාට අවම වශයෙන් dollar 5ක් ලැබුනු ගමන්ම සල්ලි withdraw කරන්න chance එක තියෙනවා. ඒ නිසා ඔයාට ලොකු මුදලක් එකතු වෙනකම් බලන් ඉන්න අවශ්යත් නැහැ.
ඔච්චර තමයි ඉතින් කියන්න තියෙන්නේ. ඉතින් ඔයත් free වෙලාවට fb එකේ you tube එකේ කාලය කන කෙනෙක් නම්, ඔයාට ඒ වටිනා කාලය මේ වගේ වැඩක් ඇති වැඩක් වෙනුවෙන් යොදවන්න පුලුවන්.
ඉතින් තීරනය ඔබ සතුයි.🤷 අපේ වගකීම ඔබට මග වෙන්වීම පමණයි.👌
ඔයාට මේ දැවල් ගැන තියෙන ගැටලු අපිට කියන්න. facebook හෝ email හරහා අපිත් එක්ක සම්බන්ද වෙන්න ඔයාට අවස්තාව තියෙනවා. ඉතින් අපි ලියන්නේ digital කරනයේ ධනාත්මක කතාව.

Emotion Miner

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් මිලියන ගනනක් වෙබ් අඩවි අතරින්, බොහොම ලේසියෙන් මුදල් උපයන්න පුලුවන් වෙනස්ම විදියේ web site එකක් ගැන තමයි අද මම ඔයාලට කියන්න යන්නේ.
ඉතින් අන්තර්ජාලය හරහා මුදල් උපයන එක ඒ තරම් අමාරු ඉලක්කයක් නෙවෙයි කියලා ඔයාට මේ post එක අවසානයේදි හිතෙයි. හැබැයි ඉතින් ඔයාට මේ site එක හරහා පෝසත් වෙන්න නම් බැහැ. ඒ කියන්නේ ඔයාට මේ site එකේ වැඩ කරලා extra income එකක් හොයාගන්න පුලුවන්. එහෙම නැතුව ඔයාට මේක full time job එකක් විදියට හරි යන්නේ නැහැ.

මේ එකේ නම තමයි Emotion Miner.  මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? කොහොමද මේ site එක හරහා මුදල් උපයන්නේ? මෙන්න මේ හැම දෙයක් ගැනම අපි කතා කරමු.
ඉස්සෙල්ලම මේ site එක හරහා වෙන්නේ මොකද්ද කියන එක මම පැහැදිලි කරන්නම්. මෙතනදි වෙන්නේ, මේ site එකේ video conversations විවිද විශාල ප්‍රමාණයක් තියෙනවා. ඔයාට කරන්න තියෙන්නේ මේ site එකේ register වෙලා, මේ video conversations බලලා, ඊට පස්සේ එක් එක් video එක පුරාවට මොන වගේ emotion එකක් ද පෙන්නුම් කරන්නේ කියන එක select කරන්න විතරයි.
ඇත්තටම මෙතනදි හැම වීඩියෝ එකකටම පහලින් විවිද emotions වල නම් boxes වල දාල තියෙනවා. ඔයාට කරන්න තියෙන්නේ හරි එක select කරන එක විතරයි. පහලින් ඔයාට පේන්නේ මේකට උදාහරනයක්,
ඉතින් ඔයාට මේ හරහා dollar 70ක් දක්වා උපයන්න පුලුවන්.
සමහරවිට දැන් ඔයාටම මෙහෙම ප්‍රශ්නයක් ඇති. ඇයි මේ වගේ බොහොම ලේසියෙන් කරන්න පුලුවන් දේකට, මේ site එකෙන් අපිට මුදල් ගෙවන්නේ කියන එක.
මේකට හේතුව තමයි, මිනිස්සුන්ට තවකෙනෙක්ගේ emotions හදුන ගන්න පුලුවන් උනාට, artificial intelligenceලට human emotions හදුන ගන්න බැහැ. ඉතින් ඔයා මෙතනදි කරන්නේ artificial intelligenceලට එකේක human emotions අදුරගන්න උදව් කරන එක. ඒ කියන්නේ happiness, sadness, pride, angry මේ වගේ විවිද අවස්තාවලදි human emotion එක මෙන්න මේ වගේ කියන එක ඔයා teach කරන එක තමයි මෙතන වෙන්නේ.
ඉතින් වර්තමානය වෙද්දි artificial intelligence කියන මාතෘකාව ගොඩක් ඉස්සරහට ඇවිල්ල තියෙනවා. සාමාන්යෙන් artificial intelligenceලට images එකක් image text පවා අදුරගන්න බැහැ. මෙන්න මේ නිසා තමයි recaptures වලට image text බාවිතා කරන්නේ. නමුත් ඉතින් අනාගතයේදි මේ දේවල් වෙනස් වෙන්න පුලුවන්.
ඉතින් මෙන්න මේක තමයි emotion miner වල කතාව. හරිම සරලයි වගේම් හරිම ලේසි. දැන් ඔයාට මේ site එක හරහා වෙන්නේ මොකද්ද? කියන එක ගැන පැහැදිලි අවබෝදයක් තියෙන්න ඕන. 

Earn by Fibler - අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් web site හරහා විතරද?

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් web site හරහා විතරද? කියලා ප්‍රශ්නයක් ඉදිරිපත් උනා. ඉතින් ඒ ප්‍රශ්නේ අහපු කෙනාට වගේම internetjobs.io කියවන හැම කෙනෙක්ටම කියන්න තියෙන්නේ internet එක හරහා මුදල් උපයන එකම ක්‍රමය web sites හරහා නෙවෙයි කියන එක. මොකද අපි internetjons.io හරහා internet එකෙන් මුදල් උපයන්න පුලුවන් mobile application ගොඩක් ගැන මීට කලින් කතා කරා.

නමුත් කිව යුතුම දේ තමයි internet එක හරහා මුදල් උපයන්න පුලුවන්, mobile apps අතරින් බහුතරයක් SCAM apps. ඔයාට ඒ හරහා කිසිම මුදලක් ලැබෙන්නේ නැහැ. ඉතින් අපි internetjons.io හරහා ගොඩක් වෙලාවට mobile apps recommended නොකරන්න හෙතුව ඒක තමයි.
අද මම ඔයාට කියන්න යන mobile app එක හරහා ඔයාට ඇත්තටම මුදල් උපයන්න පුලුවන් recommended app එකක්. මේ app එකේ නම තමයි Fibler කියන්නේ. ඔයාට google play store එකේන් එහෙම නැත්තම් apple app store එක හරහා මේ app එක download කරගන්න පුලුවන්. download link එකත් මම post එක පහලින් දාන්නම්.
කොහොමද මේ එක හරහා මුදල් උපයන්නේ? ඒ වෙනුවෙන් ඔයාට මොකද්ද කරන්න තියෙන්නේ? ඇත්තටම මෙතනදි කරන්න තියෙන්නේ ඔයාගේ හැකියාවෙන් අනිත් අයට උදව් කරන එක. ඒ කියන්නේ ඔයා මොනාම හරි දෙයක් expert සම්බන්දව කෙනෙක් වෙන්න පුලුවන්. ඉතින් මෙතනදි expert කෙනෙක් කිව්වම බය වෙන්න එපා.
උදාහරනයක් විදියට ඔයා blogger කෙනෙක් youtuber කෙනෙක් එහෙම නැත්තම් lawyer, doctor, gamer, online shopping ගැන expert කෙනෙක් මේ ඕනම දෙයක් සම්බන්දව ඔයා expert කෙනෙක් නම්, ඔයාට මේ app එක download කරගෙන,
  • ඔයාගේ profile එක create කරගන්න පුලුවන්.

  • ඊට පස්සේ ඔයාට මොන side එක සම්බන්දව expert කෙනෙක්ද, ඔයාගේ experience මොනවද? කියන දේවල් සදහන් කරලා ඔයා ගැන පොඩි description එකක් දාන්න ඕන.
ඉතින් අපි හිත්මු ඔයා blogger expert කෙනෙක් කියලා, ඔයාට කරන්න තියෙන්නේ ඔයාගෙන් help එකක් අවශ්ය කෙනෙක්ට,
  • video call එකක් voice call එකක් එහෙමත් නැත්ත්ම් එයත් එක්ක chat කරලා ඔයාට ඒ customerට help කරන්න පුලුවන්. ඉතින් මේ වැඩේට ඔයාට ඔයාගේ own ratings දෙන්න පුලුවන්.
පහලින් ඔයාට පෙන්න තියෙන්නේ lawyer කෙනෙක් මේ වැඩේට charge කරන විදිය. ඉතින් මේ app එක යුස් කරන ඉතා විශාල පිරිසක් ඉන්නවා. ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ හැකියාවෙන් අනිත් අයට උදව් කරන එක විතරයි.
ඉතින් මේක තමයි fibler app එක හරහා වෙන්නේ. ඔයත් අදම මේ app එක download කරගන්න. ඒ වගේම මේ app එක හරහා මේ වැඩේ කරන විදිය ගැන step-by-step guidance එකක් මම ඊලග post එක හරහා කරන්නම්.

Online Wallet

Internet job site වලින් සල්ලි හොයන ඔයාට වැදගත් වෙන දෙයක් තමයි මේ online wallets කියන්නේ. ඔයා දන්නවනේ online wallets කියන්නේ අපි E money site වලින් වගේ online හොයන සල්ලි තාවකාලිකව තැන්පත් කරගෙන තියාගන්න wallet එකක්. ඇත්තටම wallet  කියන්නේ වෙනම company එකක්. ඒ company එකෙන් තමයි අපිට මේ wallet හඳලා දෙන්නේ. හැබැයි අපි බැංකුවට නැත්තම් තව කෙනෙක්ට සල්ලි යවනවට මෙයාලා අපෙන් ගාණක් ගන්නවා. ඒ වගෙන් තමයි ඒ company හුඟක් සල්ලි හොයන්නේ මේ වගෙන් තමයි. ඉතින් මේ වගේ wallets ගොඩක් තියනවා ඒ වුනාට සල්ලි ගන්න බැරි බොරු wallets එහෙමත් තියනවා. ඉතින් අද ඔයාලට කියන්න යන්නේ ඔයාගේ සල්ලි තාවකාලිකව තැන්පත් කරගෙන තියාගන්න පුළුවන් හොඳම wallet කීපයක් ගැන.

  • පළවෙනි එක තමයි මේ skrill  account එක.
මේ account එක හදාගන්න එක ගැන මම ඔයාට සම්පූර්ණ විස්තරයක් කලින් කියලා දුන්නා. මෙකෙන් අපිට bitcoin, bank account,card payments වගේ දේවල් කරගන්න පුළුවන්. මේකේ අය කරන fee එක අඩුයි. අඩුයි කීවට අඩුමත් නෑ ඉතින්. ඒ වුනාට ඒක හොඳයි මොකද ලංකාවේ අපිට Ez cash වලින් සල්ලි ගන්න පුළුවන් හොඳම accounts තමයි  skrill /netteller    කියන්නේ. netteller කියන්නෙත් skrill account එක අයිති company එකේම තවත් wallet එකක්.
  • දෙවනි එක තමයි paypal කියන්නේ
මේ ගැනත් අපි මීට කළින් account එක හදන තැන ඉඳන් ගොඩක් විස්තර දැන ගත්තා. මේ වෙනකොටත් දන්නවා ලංකාවේ අපිට paypal හරහා මුදල් ලබා ගැනීමේ හැකියාවක් නෑ කියලා. ඒ උනත් අපි ඔයාලට කියලා දුන්නා ලංකාවට support විදිහට මුදල් ලබා ගන්න account එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේ paypal account  එකෙන්  ebay වගේ drop shipping කරන අයට තමයි ගොඩක් හොඳ.
  • තුන්වෙනි එක තමයි payoneer කියන්නේ
ඔයාට payoneer account එකක් හදා ගත්තට පස්සෙ ඔයාට free payoneer card එකකට apply කරන්න පුලුවන්, ඊට පස්සේ UKවල ඉදන් payoneer සමාගමෙන් payoneer card එකක් ඔයාගේ ගෙදරටම එවනවා. මේක ඔයාට ඔයාගේ සාමාන්‍ය ලංකාවෙ bank එකක visa card එකක් විදියට use කරන්න පුලුවන්. මේක පිට රට තියෙන bank account එකක් උනාට ඔයාට මේක හරහා ඔයා internet එකේ හොයන සල්ලි ගෙන්න ගන්න පුලුවන්.
  • අන්තිමට අපි කතා කරන්නේ coinbase  ගැන
මේ wallet එක අනිත් ඒවා වගේ ඊට වඩා ටිකක් වෙනස්. ඒකට හේතුව තමයි crypto currency , bitcoins කරන අයට සල්ලි දාලා තියන්න හොඳම wallet එක වෙන්නේ මේක. ඒකට හේතුව තමයි මේකේ coins වර්ග ගොඩක් තියනවා. හැබැයි මේ ගොල්ලෝ අය කරන ගාන ටිකක් වැඩි වුනත් ආරක්ෂාව අතිනුත් ගොඩක් හොඳ wallet එකක් තමයි මේ coin base කියන්නේ.

Monday, August 19, 2019

Drop shipping via shopify

drop shipping කියන්නේ මොකද්ද කියන එක ගැන වගේම? shopify හරහා කොහොමද drop shipping කරන්නේ කියන එක ගැනත් අපි internetjobs.io හරහා ඔයාලට කිව්වා. ඉතින් ඔයා අපේ site එකට ආවේ අදම නම්, ඔයාට drop shipping ගැන අපි මීට කලින් ලියපු post කියවලා බලන්න පුලුවන්. මොකද මම ඒ දේවල් ගැන මීට කලින් කියපු නිසා අද ඒ ගැන නැවත පැහැදිලි කරන්න යන්නේ නැහැ.

අද මම ඔයාලට shopify හරහා drop shipping කරන විදිය step-by-step පැහැදිලි කරන්න හිතුවා.
  • ඉස්සෙල්ලම ඔයා shopify site එකේ register වෙන්න ඕන. පහලින් ඔයාට පේන්නේ shopify site එකේ interface එක.

  • ඊට පස්සේ Get started කියන button එක click කරලා, ඔයාගේ email එකයි, ඔයා කැමති password එකකුයි දීලා, ඔයාගේ store එකට name එකක් දෙන්න ඕන. මෙතනදි අඩුම 4 characters වලින් යුත් නමක් දිය යුතුයි.
  • ඊට පස්සේ ඔයාගේ විස්තර ටිකක් මෙතනදි අහනවා. ඒ විස්තර නිවැරදිව දීලා ඔයාට මේකේ register වෙන්න පුලුවන්. ඉතින් මේ විදියට register උනාම ඔයාට දවස් 14ක free trial එකක් ලැබෙනවා.
  • දැන් ඔයාට ඔයා දීපු නමින් ඔයාගේ shopify store එක display වෙනවා පෙනවා ඇති.
  • දැන් ඔයාට කරන්න තියෙන්නේ පහල screen shot එකේ තියෙන විදියට, Add product කියන button එක click කරලා ඔයා aliexpress වගේ stores වලින් select කරපු products ඔයාගේ shopify store එකේ publish කරන එක විතරයි.
ඉතින් මෙතනදි ali express site එකේ ඔයා select කරපු product එකේ images ඔයාට එහෙම්ම copy කරලා මෙතනට paste කරන්න පුලුවන්. ඒ වගේම ඔයා කැමති high price එකක් set කරන්නත් ඔයාට පුලුවන්. ඉහලින් තියෙන screen shot එකේ ඔයාට පේනවා ඇති කියලා select a plan කියලා button එකක්, ඉතින් ඔයාට මේක click කරලා ගිහින් ඔයාගේ free trial එක ඉවර උනාම, shopify site එකට payment කරන්න ඕන plan එක select කරගන්න පුලුවන්. ඉතින් ඔයා basic plan එකකට යනවා නම් ඔයාට monthly dollar 29ක් ද, shopify plan එකට dollar 79 ද, advance shopify plan එකට dollar 299ක් ගෙවන්න වෙනවා. ඔයාට ආරම්බයේදි basic shopify plan එකකින් මේ වැඩේ පටන් ගන්න පුලුවන්. ඔයාට shopify site එක හරහා online store එකක් create කරගන්න විදිය ගැන ලොකු අවබෝදයක් එන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයා create කරපු shopify online store එක හරහා කොහොමද products promote කරන්නේ කියන එක ගැනත් අපි ඉදිරියේදි කතා කරමු. ඉතින් ඔයාත් drop shipping කරලා සෑහෙන්න මුදලක් උපයන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම්, අදම shopify හරහා ඔයාගේ online store එක create කරගන්න.

Paid Viewpoint

අද අපි කතා කරන්නේ paid viewpoint web site එක ගැන. ඉහලින් ඔයාට පේන්න තියෙන්නේ paid viewpoint site එකේ interface එක. ඉතින් මේ හරහා කොහොමද මුදල් උපයන්නේ? ඒ වගේම කොච්චර මුදලක් උපයන්න පුලුවන්ද කියන එක සහ ඒ වෙනුවෙන් ඔයා කල යුතු දේවල් මොනවද කියන මේ හැම දෙයක් ගැනම අපි එකින් එක කතා කරමු.

ඉස්සෙල්ලම මේ site එක මොන වගේ එකක්ද කියලා කිව්වොත්, ඇත්තටම මේක testing එකක්. මේ site එක හරහා web tests complete කරනවට ඔයාට ගෙවීම් කරනවා. ඉතින් අපි internetjobs.io හරහා survey complete කරලා මුදල් උපයන්න web sites පුලුවන් විශාල ප්‍රමාණයක් ගැන ඔයාලට කිව්වා මතක ඇති ඉතින් මේකත ඒ වගේ site එකක් තමයි. මෙතනදි ඔයාට සාමනයෙන් එක web testing එකකට dollar 15-20ත් අතර මුදලක් උපයන්න පුලුවන්.
ඉස්සෙල්ලම ඔයා මේ site එකේ register වෙන්න ඕන.
ඊට පස්සේ ඔයාගේ email එක confirm කරලා සහ මෙතනදි අහන ඔයාගේ අනෙකුත් විස්තර නිවැරදිව දීල ඔයාට මේ site එකේ register වෙන්න පුලුවන්.
ඉතින් ඔයා නිවැරදිව register වෙලා ඉවර වෙද්දිම ඔයාට පේනවා ඇති dollar එකකට ආසන්න මුදලක් ඔයාට එකතු වෙලා තියෙනවා කියලා.
දැන් ඉතින් ඔයාට විවිද surveys complete කරලා මුදල් උපයන්න පුලුවන්. මෙතනදි ඔයාට available surveys තියනවා නම් ඒක ඔයාගේ profile එකේ ඉහලින් පෙන්නනවා. ඉතින් ඔයාට කරන්න survey complete කරන්න ගියාම, browser කරන්න ඕන web site එක සහ ඒ site එකේ මොන requirements ද check කරන්න ඕන කියන මේ හැම දෙයක් ගැනම මේ site එක හරහා ඔයාව guide කරනවා. ඉතින් ඔයාට මේක ලේසියෙන් කරන්න පුලුවන්.
ඒ වගේම ඔයාට මේතනදි උපයන මුදල් paypal හරහා ගෙන්නගන්න පුලුවන්. ඒ නිසා ඔයාට මේ වැඩේට paypal account එකක් අවශ්ය වෙනවා. ඉතින් paypal account එකක් හදාගන්න විදිය ගැනත් මම ඔයාලට මීට කලින් කිව්වා.
මේන්න මේක තමයි paid viewpoint site එක ගැන කියන්න තියෙන්නේ. ඉතින් මේ වෙද්දිත් ගොඩක් paid survey sites ගැන අපි කතා කරපු නිසා ඔයාට මේ වැඩේ ලේසියෙන් ගොඩ දාගන්න පුලුවන් වෙයි. ට්‍රයි කරලා බලන්න.

Quicktate internet එක හරහා survey complete කරලා මුදල් උපයන්න පුලුවන් web sites ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා.

internet එක හරහා survey complete කරලා මුදල් උපයන්න පුලුවන් web sites ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේක ගොඩක් හොද ක්‍රමයක්. ඒ වගේම ඔයාට call transcription හරහාත් ලොකු මුදලක් උපයන්න පුලුවන්.

අද post එක call auditing and call transcription වලට තියෙන highly recommended site එක ගැන. මේ site එකේ නම තමයි Quicktate කියන්නේ. ඒ වගේම පහලින් තියෙන්නේ මේ site එකේ interface එක.
ඉතින් මේ site එක හරහා මුදල් උපයන ක්‍රමය වෙන්නේ call transcription. කොහොමද මේක කරන්නේ කියලා බලමු.
ඇත්තටම මෙතනදි ඔයාට voice email messages, memos, letters, medical files, phone call මේ ඕනම audio conference එකක් transcribe කරන්න තමයි තියෙන්නේ. ඒ වගේම ඔයාට audio files summarize කරලත් මුදල් උපයන්න පුලුවන්.
ඒ වගේම මේ audio files submit කරන්න quicktate app එක, එහෙම නැත්තම් voice recorder එකක් හෝ email බාවිතා කරන්න පුලුවන්.
සාමන්යෙන් මෙතනදි ඔයාට 1-2 hours length videos පවා transcribe කරන්න අවස්තාව තියෙනවා. ඉතින් ඔයා transcribe කරන audio file එකේ size එක සහ ඔයා transcribe කරන වචන ප්‍රමාණය මත ඔයාගේ එක payment තීරනය වෙනවා. පහලින් ඔයාට පේන්න තියෙන්නේ quicktate හරහා payment කරන payment list එක.
ඒ වගේම ඔයාට quicktate site එකේ පහලින්ම තියෙන become a transcriber කියන option එකේන් ගිහින් transcriber කෙනෙක් විදියට මේ site එකේ register වෙන්න පුලුවන්. මොනවද මෙතනදි ඔයාගෙන් බාලාපොරොත්තු වෙන requirements. මෙතනදි ඔයා transcribe කරන audio file එකේ spellings, වගේම punctuation හරියට තියෙන්න ඕන. මොකද මෙතනදි ඔයා audio conversation එක අහන් ඉදලා ඒක text එකක් විදියට type  කරන එකෙනේ transcribe කියලා කරන්නේ, ඉතින් ඔයාට spellings එහෙම වරදින්න පුලුවන්. මෙන්න මේ නිසා ඔයාට ඒ ගැන වැඩි අවදානයක් දෙන්න වෙනවා.
ඒ වගේම තවත් බොහෝමයක් requirements තියෙනවා. ඒ ගැන මම එකින් එක පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඔයාට මේ link එක හරහා ගිහින් ඒ විස්තර දැනගන්න පුලුවන්. http://typists.quicktate.com/transcribers/signup ඉතින් මේක තමයි quicktate හරහා සරලවම ඔයාට කරන්න තියෙන දේ.

Recommended sites for Drop shipping

drop shipping ගැන අපි මීට කලින් post එකේදි බොහොම විස්තරාත්මක පැහැදිලි කිරීමක් කරා ඔයාලට මතක ඇති. ඉතින් අපි පොරොන්දු වුන විදියටම internetjobs.io හරහා drop shipping වලට recommended site එකක් ගැන අද post එක හරහා කතා කරන්න හිතුවා.

මේ site එකේ නම තමයි shopify. ඇත්තටම මේක E-commerce site එකක්. ඔයාට මේකේ free register වෙන්න නම් බැහැ. මොකද මේක paid site එකක්, හැබැයි ඔයාට දවස් 14ක free trial එකක් හරහා මේ site එක check කරලා බලන්න chance එක තියෙනවා.
ඉතින් ඔයාට get started button එක click කරලා shopify site එකේ store එකක් create කරන්න පුලුවන්. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ drop shipping කරන එක තමයි. උදාහරනයක් විදියට ඔයා ali express වගේ store එකක අඩුවට තියෙන බඩුවක් target කරලා. ඒ product එකේ images copy කරලා, shopify ඔයාගේ store එකේ publish කරන්න. ඒ වගේම ali express site එකේ ඒ product එක තිබ්බ ගානට වඩා වැඩි ගානකට price එක set කරන්න. ඊට පස්සේ ඔයාගේ product එක promote කරන එක තමයි ඔයාට කරන්න තියෙන්නේ. ඉතින් මේ වැඩේට ඔයාට fb page එකක් use කරන්න පුලුවන්. ඒ කියන්නේ ඔයා වෙනම face book page එකක් create කරලා ඔයාගේ shopify store එකේ product links, fb page එක හරහා promote කරන එක තමයි ඔයාගේ රාජකාරිය.
ඉතින් කවුරුහරි ඔයාගේ product එක order කරොත්, ඔයාට කරන්න තියෙන්නේ ali express site එකට ගිහින් අදාල product එක අඩු මුදලට buy කරලා, customer details විදියට ඔයාගේ shopify product එක order කරපු customer ගේ details එතනට දෙන්න. එතකොට ali express හරහා අදාල product එක ඔයාගේ customer ට shipping කරනවා.
ඉතින් මේක තමයි shopify හරහා drop shipping කරන විදිය. හදිස්සියේවත් මෙහෙම order කරපු product එකක් damage වෙලා හරි වැරදි එකෙක් හරි customerට ship කරලා තියෙනවා කියලා complain එකක් ආවොත් ඔයා මොකද්ද කරන්නේ? මේ ගැනත් මම ඔයාට පැහැදිලි කරන්නම්. ඒ වගේම shopify store එකක් create කරගන්න විදිය step-by -step ඔයාව guide කරන්නත් අපි සුදානම්. ඉතින් shopify කියන්නේ drop shipping වලට recommended site එකක්. ඔයාට මේ site එක හරහා drop shipping කරලා දවසට dollar 100-200 වගේ ලාභයක් උපයන්න පුලුවන්.

Peopleperhour internet එක හරහා කිසිම private experience එකක් නැතුව මුදල් උපයන්න පුලුවන් තවත් recommended site එකක්

internet එක හරහා කිසිම private experience එකක් නැතුව මුදල් උපයන්න පුලුවන් තවත් recommended site එකක් ගැන අද post එක හරහා ඔයාලට කියන්න හිතුවා. මේ site එකේ නම තමයි people per hour. ඔයාට මේ site එක හරහා වැඩ කරලා මාසෙකට dollar 25,000 කට වඩා වැඩි මුදලක් උපයන්න chance එක තියෙනවා.

කොහොමද මේක කරන්නේ?  ඔයාට මේ site එකට login උනාම පහලින් තියෙන interface එක බලාගන්න පුලුවන්.
ඉස්සෙල්ලම ඔයා මේ site එකේ register වෙන්න ඕන. ඊට පස්සේ ඔයාට මෙතනදි ක්‍රම දෙකකට මුදල් උපයන්න පුලුවන්. ඒ තමයි ඔයාට අනිත් අය post කරලා jobs complete තියෙන කරලා මුදල් උපයන්න පුලුවන් වගේම, ඔයාගේ හැකියාව අනුව ඔයාට job එකක් post කරන්නත් පුලුවන්. ඉතින් කවුරුහරි ඔයාගේ service එක order කරොත් ඔයාට අදාල මුදල ලැබෙනවා.
ඉතින් මේ වැඩේ කරන විදිය පියවරෙන් පියවර බලමු.


site navigation bar එකේ තියෙන Sell කියන opting එක යටතේ තියෙන browse jobs කියන setting එක click කරාම, ඔයාට විවිද පුද්ගලයන් people per hour site එකේ post කරලා තියෙන jobs බලාගන්න පුලුවන්. ඒ වගේම ඔයාට ඒ job එකට අදාල payment එකත් බලාගන්න පුලුවන්.
ඉතින් මේතනදි logo design, web design වගේ විවිදාකාර jobs බොහෝමයක් තියෙනවා. ඒ වගේම data entry, article writing වගේ පොඩි පොඩි ලේසියෙන් කරන්න පුලුවන් jobs පවා තියෙනවා. ඔයාට ඒ job එක කරන්න පුලුවන් නම් ඒකට apply කරන්න පුලුවන්. මේ වැඩේට ඔයාගෙන් කිසිම private experience එකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයාට මේ වැඩේ කරන්න පුලුවන් නම් ඔයාට අදාල මුදල ඔයාගේ කරගන්න පුලුවන්.
පහලින් තියෙන screen shot එකේ ඔයාට පෙනවා ඇති people per hour site එකේ සාමන්යෙන් job එකකට seller කෙනෙක් කොච්චර මුදලක් ගෙවනවද කියන එක. ඔයාට මේ හරහා ලොකු මුදලක් උපයන්න පුලුවන්. හැබැයි ඉතින් ඔයා ටිකක් දක්ශ වෙන්න ඕන.

ඒ විතරක් නෙවෙයි ඔයාට මේ site එක හරහා job එකක් post කරන්නත් පුලුවන් කියලා මම කිව්වා. අපි හිතමු ඔයාට social media marketing, seo article writing, logo design එහෙම නැත්තම් video translating කරන්න පුලුවන් කියලා, ඉතින් ඔයාට ඊට අදාලව job එකක් post කරන්නත් පුලුවන්. එතනදි ඔයාට ඔයා කැමති price එකක් set  කරන්න අවස්තාව තියෙනවා.
ඉතින් මේක තමයි people per hour site එක හරහා වෙන්නේ. ඔයත් ට්‍රයි කරලා බලන්න.

Drop Shipping

internet jobs අතර මේ වෙද්දි ඉතාමත් ජනප්‍රිය මාතෘකාවක් තමයි drop shipping කියන්නේ. සමහර විට ඔයා මේ ගැන මීට කලින් අහලත් ඇති. ඉතින් මේ ගැන දන්න නොදන්න හැමෝම වෙනුවෙන්, drop shipping  කියන්නේ මොකද්ද කියන එක ගැන පැහැදිලි කරන්න හිතුවා.
ඒ වගේම ඉදිරි post හරහා ඔයාට drop shipping කරන්න පුලුවන් recommended web sites මොනවද කියන එක
සහ මේ ගැන තවත් විස්තර බොහෝමයක් අපි internetjobs.io හරහා කතා කරමු.
මොකද්ද මේ drop shipping කියන්නේ? මේකත් affiliate marketing වගේ එකක් ද? මෙන්න මේ වගේ ප්‍රශ්න කීපයක්ම පහුගිය දවස්වල ඉදිරිපත් උනා.
ඇත්තටම drop shipping කියන්නේ buying and selling business එකක් තමයි. මේකේ විශේෂත්වය තමයි මෙතනදි buy and sell කරන්නේ digital products නෙවෙයි physical products. ඒ වගේම අදාල product එක customerට ship කරනවා. එතකොට ඇයි මේකට drop shipping කියන්නේ? ඒකට හේතුව අපි බලමු,
drop shipping ගැන උදාහරනයකින් පැහැදිලි කරොත්, අපි හිතමු ebay වගේ site එකක අඩුවට තියෙන භාණඩයක්, ඔයා වෙනත් site එකක ඒ gig එකම වැඩි ගානකට විකුනනවා කියලා දාලා ඔයා මේක promote කරනවා. ඊට පස්සේ customer කෙනෙක් ඔයාගේ දාපු gig එකට order එක කරාම, ඔයා ඒ product එකම ebay එකට ගිහින් order කරනවා. මෙන්න මෙතනදි වැදගත්ම දේ තමයි ඔයා ebay site එකට customer details විදියට ඔයාගේ details දෙන්නේ නැතුව, ඔයාගේ gig එකට order එක දාපු customer ගේ details එතනට දෙන්න ඕන. එතකොට අදාල product එක ebay හරහා customerට shipping කරනවා.
මෙන්න මේ නිසා තමයි මේකට drop shipping කියන්නේ. ඉතින් මෙතනදි එකම product එක, ඔයා වෙනත් site එකක් මාර්ගයෙන් වැඩි ගානකට විකුනලා ලාභ උපයන එක තමයි මෙතනදි වෙන්නේ.
ඉතින් දැන් ඔයාට drop shipping ගැන පැහැදිලි අවබෝදය එන්න ඇති කියලා මම හිතනවා. ඉදිරියේදි drop shipping කරන්නේ කොහොමද කියන එක ගැන step-by-step guidance එකක් වගේම, drop shipping වලට recommended sites මොනවද? කියන එක සහ මේ සම්බන්දව තියෙන ගැටලු මොනවද? කියන මේ හැම එකක් ගැනම අපි internetjobs.io හරහා කතා කරන්න සුදානම්.

June Resources Set

  මෙම මස Passcode එක : 3478 පැය 06 ක් තුල ඔබ අනිවාර්යයෙන් Submit කළ යුතු පෝරමය (මෙහි ඔබ D-tec සමූහයේ රැදී සිටින ජංගම දුරකතන අංකය නිවර්දිවම ල...