Monday, August 19, 2019

Drop Shipping

internet jobs අතර මේ වෙද්දි ඉතාමත් ජනප්‍රිය මාතෘකාවක් තමයි drop shipping කියන්නේ. සමහර විට ඔයා මේ ගැන මීට කලින් අහලත් ඇති. ඉතින් මේ ගැන දන්න නොදන්න හැමෝම වෙනුවෙන්, drop shipping  කියන්නේ මොකද්ද කියන එක ගැන පැහැදිලි කරන්න හිතුවා.
ඒ වගේම ඉදිරි post හරහා ඔයාට drop shipping කරන්න පුලුවන් recommended web sites මොනවද කියන එක
සහ මේ ගැන තවත් විස්තර බොහෝමයක් අපි internetjobs.io හරහා කතා කරමු.
මොකද්ද මේ drop shipping කියන්නේ? මේකත් affiliate marketing වගේ එකක් ද? මෙන්න මේ වගේ ප්‍රශ්න කීපයක්ම පහුගිය දවස්වල ඉදිරිපත් උනා.
ඇත්තටම drop shipping කියන්නේ buying and selling business එකක් තමයි. මේකේ විශේෂත්වය තමයි මෙතනදි buy and sell කරන්නේ digital products නෙවෙයි physical products. ඒ වගේම අදාල product එක customerට ship කරනවා. එතකොට ඇයි මේකට drop shipping කියන්නේ? ඒකට හේතුව අපි බලමු,
drop shipping ගැන උදාහරනයකින් පැහැදිලි කරොත්, අපි හිතමු ebay වගේ site එකක අඩුවට තියෙන භාණඩයක්, ඔයා වෙනත් site එකක ඒ gig එකම වැඩි ගානකට විකුනනවා කියලා දාලා ඔයා මේක promote කරනවා. ඊට පස්සේ customer කෙනෙක් ඔයාගේ දාපු gig එකට order එක කරාම, ඔයා ඒ product එකම ebay එකට ගිහින් order කරනවා. මෙන්න මෙතනදි වැදගත්ම දේ තමයි ඔයා ebay site එකට customer details විදියට ඔයාගේ details දෙන්නේ නැතුව, ඔයාගේ gig එකට order එක දාපු customer ගේ details එතනට දෙන්න ඕන. එතකොට අදාල product එක ebay හරහා customerට shipping කරනවා.
මෙන්න මේ නිසා තමයි මේකට drop shipping කියන්නේ. ඉතින් මෙතනදි එකම product එක, ඔයා වෙනත් site එකක් මාර්ගයෙන් වැඩි ගානකට විකුනලා ලාභ උපයන එක තමයි මෙතනදි වෙන්නේ.
ඉතින් දැන් ඔයාට drop shipping ගැන පැහැදිලි අවබෝදය එන්න ඇති කියලා මම හිතනවා. ඉදිරියේදි drop shipping කරන්නේ කොහොමද කියන එක ගැන step-by-step guidance එකක් වගේම, drop shipping වලට recommended sites මොනවද? කියන එක සහ මේ සම්බන්දව තියෙන ගැටලු මොනවද? කියන මේ හැම එකක් ගැනම අපි internetjobs.io හරහා කතා කරන්න සුදානම්.

1 comment:

  1. Sir, drop shipping gana loku interest ekk tyanwa. Eth payments krna widiya tama dannaeththe. Credit cards use karanna wenwa neda ali express, ebay waladi. Etkota apita income eka ganne khmda sir. Tikk kiyla dennako twa. Thank you.

    ReplyDelete

June Resources Set

  මෙම මස Passcode එක : 3478 පැය 06 ක් තුල ඔබ අනිවාර්යයෙන් Submit කළ යුතු පෝරමය (මෙහි ඔබ D-tec සමූහයේ රැදී සිටින ජංගම දුරකතන අංකය නිවර්දිවම ල...